ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන ඇත් පහන..

නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන ඇත් පහන..

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබේ. මෙම බුහුටි පහන හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිදුවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණයකි. විශ්මිත නූතන තාක්‍ෂණික ලෝකය පවා මවිත කරවන සුළු මෙම ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

එය දම් වැලකින් එල්ලා තැබිය හැකිසේ නිමවූවකි. තෙල් පුරවනු ලබන්නේ ඇතාගේ කුසටය. ඇතා සිටගෙන සිටින වෘත්තාකාර තැටිය වටේට තිර යොදනු ලැබෙයි. තෙල් ගලාගෙන එන්නේ එහි දැවෙන තෙල් ප්‍රමාණය අනුවය. තැටියේ තෙල් පිරෙන විට වැඩිපුර තෙල් ගලා ඒම ස්වයංක්‍රීයව නවතියි. පහන එල්ලා තැබීමට යොදා ගත් දම්වැල පවා නැට්ටුවන්ගේ සහ බෙරවාදකයන්ගේ රූප දම්වැල් පුරුක් සේ සාදා ඇතා පිටෙහි ඇත්ගොව්වකු හිඳවා සම්පූර්ණ ඇතා මැදි- වන සේ මකර තොරණක් ද යොදා පහනට ඉතා විචිත්‍රවත් පෙනුමක් ලබා දී තිබෙයි.

හමුවූ ඇත්පහනේ බාහිර ස්වරූපය එසේ නිර්මාණය කර ඇත්තේ හෙළ කලාකරුවාගේ දක්ෂ නිමවුමක් ලෙසිනි. නමුත් එහි ගැබ්ව ඇත්තේ කලාවම නොව… හෙළයේ අභිමානවත් තාක්ෂණයයි.

සැබවින්ම එහි අපූර්වත්වයත්, විශිෂ්ටත්වයත් ගැන ඔබ දැන සිටිය යුතුවම ඇත.

ඇත්පහන දම්වැලකින් එල්ලා තැබිය හැකි සේ කරන ලද නිර්මාණයකි. පහනේ තෙල් ස්වයංක්‍රියව ගලා ඒම නතර වන්නේ කෙසේදැයි ඔබ සිතනු ඇත. සැබැවින්ම එහි ඇත්තේ පෞරාණික වන නමුදු අදටත් වලංගු වන තාක්‍ෂණයේ බල පරාක්‍රමයයි..

එහි දී ද යොදාගෙන ඇත්තේ වායු පීඩනය නම් න්‍යායයි. මහා පරාක්‍රමබාහු රජ කාලයේ වුවද ඉහළ තාක්‍ෂණය ඒ ඒ කාල වකවානුවලට උචිත පරිදි සකස් කරගෙන තිබීම අපට ඇතිවන මවිතය බවට ඔබත් සාක්‍ෂි දරනු ඇත.

වායු පීඩනයෙන් පහනේ තෙල් ස්වයංක්‍රීයව නැවතෙන හෙයින් පහනේ තෙල් උතුරා යෑමක් සිදුනොවේ.

ඇත්පහනක් නිමවන්නට වූ හේතු වූ විශේෂ කාරණා තිබේද? අප විසින් විමසිය යුතු ඊළග කාරනය එයයි.

. ධාතු ගර්භයක තැන්පත් කරන රන්, රිදී ආදී ලෝහ ආභරණ මෙන්ම තැන්පත් භාණ්ඩ කාලයත් සමග මළිනවීම සිදුවන්නේ ස්වභාවිකව ඔක්සිජන් වාතය සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙනි… නමුත් ගර්භය ඔක්සිජන් මුක්ත කලාපයක් වන්නේ නම් එම භාණ්ඩ බොහෝ කාලයක් නිරුපද්‍රිතව පවතී. ඇත්පහනේ අරමුණ ද එයයි… ගර්භයේ පවතින ඔක්සිජන් අවසන් වනතෙක් ඇත්පහන දැල්වී පවතී. වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අවසන් වන තෙක් ක්‍රමානූකූලව තෙල් නිකුත්වන අතර, අවසන පහන නිවී යයි.

දහන ක්‍රියාවලියේ රසායනික ප්‍රතික්‍රියාව මෙන්ම මළිනවීමේදී වන රසායනික විපර්යාසයන් පිළිබදව හොද වැටහීමක් මෙන්ම ඊට පිළියම් යෙදිය යුතු ආකාරය පිළිබදව ද මනා අවබෝධයක් හෙළයන් සතුව තිබූ බවට ඇත්පහන සාක්ෂි දරයි.

“මහා පරාක්‍රමබාහු”… රජසමයේ ගොඩනැගූ” කොටවෙහෙර චෛත්‍යෙය “..කැණීම් හරහා මෙම අග්‍රගන්‍ය ඇත්පහන හමුවූවත් රාජාවලියට අනුව සහ පවතින ජනප්‍රවාදයන්ට අනුව ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ඇත්පහනේ ඉතිහාසය විහිදී යයි.

දුටුගැමුණු මහා රජ සමයේ රුවන්වැලි සෑ රදුන්ගේ ගර්භයෙහි අභ්‍යන්තරයේ පහන් දල්වන්නට යෙදුනු බව බොහෝ ජනප්‍රවාද වල සදහන් වේ. ඒ බවට පසුකාලීන ප්‍රවාදයකට අනුව භාතිකාභය රජතුමාට රුවන්වැලි සෑරදුන්ගේ ගර්භයට පිවිසීමට අවශ්‍ය වූ බැවින් භාවනානුයෝගීව සිට ඊට පිවිසීමට උත්සාහ දරා ඇත…

රජුගේ නොපසුබස්නා දැඩි උත්සාහය පිළිබදව ප්‍රසාදයට පත්වූ ශක්‍ර දෙව් ඊට ඇතුළුවීමට ඇති දොරටුවක් විවෘත කරදුන් බවත් රජතෙමේ ඉන් ගර්භයට පිවිස වන්දනා කළ බවත් ප්‍රවාදයන් හී දැකිය හැක.. ස්ථුප ගර්භයන්හි පහන් දැල්වීම ක්‍රි.පූ යුගය දක්වා විහිදී යන අතර, ඇත්පහන යනු හෙළ විද්‍යාවේ සහ තාක්ෂණයේ මෙන්ම කලාවේද අද්විතීය මුහුම්කරණයක් බවත් මොනවට පැහැදිලි වේ…

දැනට අප හමුවේ ඇත්තේ එක් ඇත් පහනක් පමණක් වුවත් විද්වත් මතයන්ට අනුව සෑම ස්ථූපයකම… මෙවැනි ඇත්පහන් පිහිටවා ඇති බව විශ්වාසයයි..

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00