ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග නුගවෙල වලව්ව නොහොත් මැනර් හවුස් හෝටලය

නුගවෙල වලව්ව නොහොත් මැනර් හවුස් හෝටලය

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

පුංචි බණ්ඩා නුගවෙල කියන නම ඔබ සමහර විට අහලත් . ඔහු දළදා මාලිගයේ අලුත් මාලිගා ගොඩනැගිල්ල ඉදිකිරීමටත් මුල් වුණා. දළදා කෞතුකාගාරයේ ඔහු ගැන විස්තර තිබෙනවා. 1920 දශකය වෙද්දී නුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ විදියට කටයුතු කළේ නුගවෙල යි. ඔහුට පරම්පරාවෙන් උරුම වුණු වලව්වක් තිබුණා. 1850 දී කේ. නුගවෙල විසින් ඉදි කරන්න මුල් වුණු මේ වලව්ව හැඳින්වුණේ “බෙරගම වලව්ව” නමින්, පුංචි බණ්ඩා නුගවෙල එයට අමතරව අලුත් වලව්වක් ඉදිකළා. අක්කර පහක පමණ ඉඩමක හැදුණු දෙමහල් අලුත් වලව්වට, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය එකතු කරන්න පුංචි බණ්ඩා නුගවෙල කටයුතු කළා. අලුත් වලව්වට ලැබුණු නම වූයේ “නුගවෙල වලව්ව” යි. පුංචි බණ්ඩා නුගවෙල තමන්ගේ දියණියන් තුන්දෙනා එක්ක නුගවෙල වලව්වේ පදිංචි වුණා.1950 වෙද්දී නුගවෙල වලව්වේ අයිතිය තිබුණේ කර්නල් ඩෙරික් නුගවෙලට යි. එම්. පී. එස්. මාරවනගොඩ මේ වලව්ව ඔහුගෙන් මිල දී ගෙන තිබෙනවා. ඔහුගේ පුත් රත්නපාල මරවනාගොඩ මෙය හෝටලයක් බවට පත් කිරීමට තීරණය කළා නුගවෙල වලව්ව, අද අපි දකින “මැනර් හවුස්” නමින් බුටික් හෝටලයක් බවට පත් කරන්න මුල් වුණේ ඔහු යි. එය පිහිටා තිබෙන්නේ මහනුවරට නුදුරු නුගවෙල අලදෙනිය කියන ගමේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00