ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 1,349,640 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 1,349,640 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

by CeylonLk
0 comments

 

රී ලංකා නාවික හමුදාව කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 14 වැනි දින  සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල  ඖෂධ පෙති දහතුන් ලක්‍ෂ හතලිස් නවදහස් හයසිය හතලිහක (1,349,640) තොගයක් රැගත් සහ ඩිංගි යාත්‍රා 03ක් සමඟ සැකකරුවන්  පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරිණි.

මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෛ නාවික අණුඛණ්ඩයේ විශේෂ යාත්‍රා බලගන කණ්ඩායමක් මඟින්, කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නිරික්‍ෂණය කර, පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රා තුල උර දහ අටක (18) අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල ඖෂධ පෙති දහතුන් ලක්‍ෂ හතලිස් නවදහස් හයසිය හතලිහක (1,349,640) තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 44 අතර වයසේ පසුවන කල්පිටිය මොහොත්තුවාරම්, කුරක්කන්හේන, වන්නිමුන්දලම සහ සින්නකුඩුරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්,ඖෂධ පෙති තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00