නැවතත් බහාලුම් රථ තදබදයක්


කොළඹ වරාය තුළ නැවත වතාවක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

අද (25) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු චෝදනා කළේ අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද මේ වන තෙක් එම භූමියට එකඳු රථයක් ඇතුලත් කර නොමැති බව ඒ මහතා පවසයි.

එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය ඉදිරියටත් සිදුවුවහොත් නැවතත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවධානමක් ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් එවා කල්ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් ඒ පවසා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සනත් මංජුල මහතා පැවසුවේ මෙම තත්ත්වයන් සමනය කරගැනීමට නම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසටය.

.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි