ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය නැවතත් බහාලුම් රථ තදබදයක්

නැවතත් බහාලුම් රථ තදබදයක්

by CeylonLk
0 comments


කොළඹ වරාය තුළ නැවත වතාවක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

අද (25) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු චෝදනා කළේ අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද මේ වන තෙක් එම භූමියට එකඳු රථයක් ඇතුලත් කර නොමැති බව ඒ මහතා පවසයි.

එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය ඉදිරියටත් සිදුවුවහොත් නැවතත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවධානමක් ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් එවා කල්ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් ඒ පවසා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සනත් මංජුල මහතා පැවසුවේ මෙම තත්ත්වයන් සමනය කරගැනීමට නම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසටය.

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00