රුපියල් දහසේ නෝට්ටුවේ ඇතෙක්ගේ රුවක් තිබෙනවා ඔබ දැක ඇති. .මේ ඇතා ළඟ ඉන්නේ තොප්පියක් දාගත්ත කෙනෙක්.ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක්.ඒ කවුද කියලා ඔබ දන්නවත් ඇති.ඒත් අපි ඒ කවුද කියලා හොයලා බලමුකො..
මේ දහසේ නෝට්ටුවේ ඉන්න ඇතා තමයි අපේ දළදා මාලිගාවේ හිටපු රාජා ඇතා.අවුරුදු පනහක් පමණ පෙරහර කරඬුව වැඩමවපු රාජා ඇතාගේ රුව තමයි ඒ තියෙන්නේ.ඒත් කවුද මේ ඇතා ළග ඉන්න කෙනා.
එ කතාව ඔබට ලියන්න ඔිනේ හින්දා ඇහැව්වේ අපේ හිතවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහත්තයාගෙන්.
“ඔය අපේ රාජා ළගම ඉන්නේ රාජා පුංචි කාලේම කැළෙන් ඇල්ලුව උමාර් ලෙබ්බේ පනික්කියාර්.එයා තමයි 1925 ජනවාරි 5 වැනිදා මඩකලපුව ප්‍රදේශයෙන් රාජා අල්ලලා තියෙන්නේ. මේ පනික්කාර් උමාර් ලෙබ්බේගෙ පරපුරම අලි අල්ලන අය.සුද්දන්ගේ කාලයේ අලි ඇල්ලිම වෘත්තීයක්.ඒ කාලේ අලි අල්ලලා තියෙන්නේ අලි පැටව් වලකට වට්ටලා.ඒකට කියන්නේ “යානෛ විල්ලුදාන් “කියලා.ඒ ප්‍රදේශ ඉස්සර මහ කැළැවල්.මේ අල්ලන අලි ඇතුන් මිලට ගන්න සිංහල ධනවත් වංශවත් පවුල් උනන්දුයි.1925 ජනවාරි 5 වැනිදා එරාවුර් ප්‍රදේශයේ කැළැවකින් මේ පැටවා අල්ලා ගන්නාවිට අවුරුදු දොළහක් විතර ඇති.ඉතින් මේ ඇත් පැටවා හා තවත් ඇත් පැටවෙක් මිලදි ගත්තේ මහනුවර ගිරාගම වලව්වේ ට්කිරි බණ්ඩාර මාම්පිටිය දිසාව.ඒ රුපියල් තුන්දහස් තුන්සියයකට.ප්‍රවාහනයට බලපත්‍ර අරන් මාම්පිටිය දිසාව දෙසැම්බර් 30 වැනිදා මේ ඇත්තු දෙන්නා මහනුවරට ගෙනත් තියෙනවා. මෙයින් එක් ඇතෙක් තමයි අන්තිමට ජාතික වස්තුවක් බවටත් ප්‍රකාශයට පත්වු මාලිගාවේ රාජා ඇතා.අනෙක් ඇතාත් මාලිගාවේම හිටපු ස්කන්ධා ඇතා.”
නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේ තුමා කිව්වේ එහෙමයි.
ඉතින් මේ ඇත්තු දෙන්නා ගිරාගම වලව්වේ සුරතලුන් ලෙස හැදි වැඩි තිබෙනවා.ක්‍රමයෙන් මාම්පිටිය දිසාව වයසට යෑම නිසා ඔහු කල්පනා කළා ඔහුගේ ඇවෑමෙන් මේ සතුන් දෙන්නා අසරණවුණොත් ඒක අසාධාරණයක් කියලා.ඒ හින්දා ඔහු රාජා ඇතයි ස්කන්ධා ඇතයි දළදා මාලිගාවට පුජාකරන්න කල්පනා කළා.
ඒ අනුව තමයි 1937ජුලි 31 වැනිදා මේ ඇත්තු දෙන්නා දළදා මාලිගාවට පුජාකරන්නේ.ඇත්තු දේනාගෙ හොඬ දියවඩන නිලමේ ටිකිරි බණ්ඩා රත්වත්ත මහතා අත තියලා පැන් වත්කරලා තමයි මාලිගාවට පුජාකළේ.
ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහනායකව වැඩ සිටි පහමුණේ ශ්‍රී සුමංගල මාහිමි හා අස්ගිරි පාර්ශවයේ මහනායක මුල්ලේගම ශ්‍රී ගුණරතන මාහිමිත් මේ පින්කමට ආශිර්වාද කර තිබෙනවා.
දළදා පෙරහරේ අවුරුදු පනහක් පමණ කරඬුව වැඩමවා කාගෙත් ගෞරවයට පාත්රවු රාජා ඇතාට උපහාර පිණිස මුද්දරයක් පවා නිකුත්වුණා.ඒ වගේම රුපියල් දහසේ නෝට්ටුවේ රාජාගේ රුව
මුද්‍රණය කරලා එහි විශේෂිත කෙනෙක්ගේ රුවකුත් මුද්‍රණය කළා.ඒ තමයි රාජා පුංචි කාලේ කැලෙන් ඇල්ලුව උමාර් ලෙබ්බේගේ රුව.ඒ ඔහුට උපහාරයක් පිණිසයි.
ඒ කතාව තමයි ඔය…
සටහන – ධර්ම ශ්‍රී තිලකවර්ධන
උපුටා ගැනීමකි
ස්තූතියි කතු අයිතියට