ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය තව අවුරුදු හයක් තියෙද්දී පොලිසියෙන් පන්නන දේශබන්දු සහ එදා මෙදාතුර ‘පොලිස්පති පැටිකිරිය’

තව අවුරුදු හයක් තියෙද්දී පොලිසියෙන් පන්නන දේශබන්දු සහ එදා මෙදාතුර ‘පොලිස්පති පැටිකිරිය’

by CeylonLk
0 comments

මෙරට ඉති­හා­සයේ පොලි­ස්ප­ති­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලී­මට පත්ක­රන පළමු පාර්ලි­මේන්තු කමි­ටුව විසින් දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස විම­ර්ශ­න­යක් සිදු­ක­රනු ලැබීය. හැම පැත්තක්ම ආව­ර­ණය වන පරිදි කළ විම­ර්ශ­නයේ අව­සාන ප්‍රති­ඵ­ලය කථා­නා­යක වෙත කමි­ටුව විසින් භාරදී අව­සන්ය. ඒ අනුව දැන් ඉති­රිව ඇත්තේ පාර්ලි­මේ­න්තුවේ මේ සම්බ­න්ධ­යෙන් විවා­ද­යක් පවත්වා දේශ­බන්දු තෙන්න­කෝන් පොලි­ස්පති ධුර­යෙන් නෙර­පා­හ­රි­න්නට මන්ත්‍රී­වරු බහු­ත­ර­ය­කගේ යෝජනා සම්ම­ත­යක් පසු අප්‍ර­මා­දව ඔහුව පොලි­ස්පති ධුර­යෙන් පම­ණක් නොව, පොලිස් සේව­යෙන්ම නෙරපා හරින ලෙස ජනා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කර­න්න­ටය.

අපේ රටේ පැර­ණි­තම දෙපා­ර්ත­මේන්තු කිහි­පය අතර ඉහ­ළින්ම ඇති ආය­ත­න­යක් වන්නේ පොලී­සි­යයි. වසර 159ක ඉති­හා­ස­ය­කට මේ වන විට පොලී­සිය උරු­ම­කම් කියයි. මේ වසර 159ක කාලය තුළ පොලී­සි­යට නාය­ක­ත්වය දුන් පොලි­ස්ප­ති­වරු ගණන 36කි. ඒ අය අතර කීර්ති­මත් මෙන්ම අප­කී­ර්ති­මත්ම පොලි­ස්ප­ති­ව­රුද නැතු­වාම නොවේ. ඒ අය­ගෙන් කීර්තිය සහ අප­කී­ර්තිය යන දෙක­ටම උරු­ම­කම් කී පොලි­ස්ප­ති­වරු ද නැත්තේම නැත.

ඒ අත­රින් මේ දින­වල වඩාත්ම කතාබහ­කට මෙන්ම සමා­ජයේ අව­ධා­න­යට ලක්ව සිටින්නේ දේශ­බන්දු තෙන්න­කෝන්ය. ඔහු ශ්‍රී ලංකා පොලී­සියේ 36 වැනි පොලි­ස්ප­ති­ව­ර­යාය. දේශ­පා­ලන ආශී­ර්වා­ද­යෙන් පොලි­ස්පති ධුර­යට ඔහු පත්වන්නේ 2024 වසරේ පෙබ­ර­වාරි 26 වැනි­දාය. ඒ 2023 වසරේ සැප්තැ­ම්බර් 23 වැනිදා 35 වැනි පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න පොලි­ස්පති ධුර­යෙන් විශ්‍රාම ගැනී­මත් සමඟ ඇති­වන පුර­ප්පා­ඩු­ව­ටය. සී.ඩී. විශ්‍රාම යාමත් සමඟ 2023 වසරේ සැප්තැ­ම්බර් 29 වැනිදා සිට 2024 වසරේ පෙබ­ර­වාරි 26 වැනිදා දක්වා වැඩ බලන පොලි­ස්පති ලෙස එකල කට­යුතු කරනු ලැබු­වේද දේශ­බන්දු තෙන්න­කෝන් ය.

දේශ­බන්දු තෙන්න­කෝන් පොලි­ස්පති ධුර­යට පත්කි­රීම සම්බ­න්ධ­යෙන් ද ඇත්තේ විවා­දා­ත්මක තත්ත්ව­යකි. ඒ ඔහුගේ නම පොලි­ස්පති ධුර­යට සුදුසු බවට ව්‍යවස්ථා සභාව නිර්දේශ කළ ආකා­ර­යත් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා විසින් දේශ­බන්දු තෙන්න­කෝන්ට පොලි­ස්පති ධුරය පිරි­නැ­මී­මත් සම්බ­න්ධ­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු­වක් ද මේ වන විට විභාග වෙමින් ඇත්තේ දේශ­බන්දු පොලි­ස්පති ධුර­යට පත්කි­රීම සම්බ­න්ධ­යෙන් අභි­යෝ­ග­යට ලක්ක­ර­මිනි. දේශ­බන්දු තෙන්න­කෝන් පොලි­ස්පති ධුර­යට පත්වු­වත් එම නඩුව හේතු­වෙන් පොලි­ස්පති ධුරයේ කට­යුතු කිරී­මට අව­ස්ථාව ලැබෙන්නේ මාස 05ක් වැනි කෙටි කාල­යක් පමණි. ඒ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පොලි­ස්පති ධුරයේ බල­තල ක්‍රියා­ත්මක කිරීම, පොලි­ස්පති ධුරයේ රාජ­කාරි ඉටු­කි­රීම වළ­ක්වා­ල­මින් තහ­නම් නියෝ­ග­යක් 2024 ජූලි 24 වැනිදා ලබා­දුන් බැවිණි. ඉති­හා­සයේ මෙවැනි අධි­ක­රණ නියෝ­ග­යක් පොලි­ස්ප­ති­ව­ර­යෙ­කුට ලැබී ඇත්නම් ඒ දේශ­බ­න්දුට පමණි.

අධි­ක­ර­ණයේ නියෝ­ග­ය­කින් දේශ­බ­න්දුට පොලි­ස්ප­ති­ව­ර­යාගේ රාජ­කාරි කට­යුතු කිරීම අත්හි­ටු­වී­මෙන් අන­තු­රුව එම කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වා­ගෙන යාමට වැඩ බැලී­මට පොලි­ස්ප­ති­ව­ර­යෙක් පත්ක­රනු ලබන්නේ වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසිනි. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය 2024 වසරේ සැප්තැ­ම්බර් 27 වැනිදා පත්ක­ර­මිනි.

වැරදි පීල්ලේ ඒ වන විට ගමන් කර­මින් තිබුණු ශ්‍රී ලංකා පොලී­සිය හරි පීල්ලට දැමී­මට මේ කාලය තුළ ප්‍රියන්ත වීර­සූ­රිය නොගත් වෙහෙ­සක් නැති තරම්ය. ඒ පසු­ගිය කාලය පුරා­වට පොලී­සිය අන්ත දූෂිත ආය­ත­න­යක් මෙන්ම විනා­ශය කරා රැගෙන ගොස් තිබුණු බැවිනි. ඊට වග­කිව යුතු අය අතර දේශ­බන්දු තෙන්න­කෝන්ගේ නාම­යද ඇත්තේ ඉහ­ළිනි. මේ නිසාම දේශ­බන්දු තෙන්න­කෝන් සිදු­කර ඇතැයි කියන විෂ­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ ලෙස අනිසි අයු­රින් යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරීම සඳහා පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­ය­කගේ කැමැත්ත මත කමි­ටු­වක්ද පත්ක­රනු ලැබීය. ඒ වත්මන් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව පොලි­ස්ප­ති­ව­ර­යෙක් එක පෑන් පහ­රින් ඉවත් කිරී­මට අතී­තයේ පැවති බලය අද වන විට ජනා­ධි­ප­ති­ව­ර­යාට නොමැති වූ බැවිනි. පූජිත් ජය­සු­න්ද­ර අනි­වාර්ය නිවාඩු යවා ඔහු විශ්‍රාම යන තුරු බලා සිටී­මට සිදු­වූ­යේද මේ නිසා­මය. ඒ යැයි කියා වත්මන් ආණ්ඩුව දේශ­බන්දු තෙන්න­කෝන්, පූජිත් ජය­සු­න්දර මෙන් තන­තුරේ තව­දු­ර­ටත් තබා ගෙන සිටී­මට සූදා­නම් වූයේ නැත. ඒ සඳහා වසර 06ක් බලා සිටී­මට සිදු­වනු ඇති බැවිනි. ඒ දේශ­බන්දු තෙන්න­කෝන් ට අවු­රුදු 60 පනින්නේ 2031 වසරේ මාර්තු 07 වැනිදා වන බැවිනි.

මෙරට ඉති­හා­සයේ පොලි­ස්ප­ති­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලී­මට පත්ක­රන පළමු පාර්ලි­මේන්තු කමි­ටුව මෙය වීම විශේ­ෂි­තය. මෙම කමි­ටුව විසින් දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස විම­ර්ශ­න­යක් සිදු­ක­රනු ලැබීය. ආන්දෝ­ල­නා­ත්මක සිදු­වීම් කිහි­ප­යක් එහිදී කමි­ටුවේ අව­ධා­න­යට යොමු­විය. හැම පැත්තක්ම ආව­ර­ණය වන පරිදි කළ විම­ර්ශ­නයේ අව­සාන ප්‍රති­ඵ­ලය කථා­නා­යක වෙත කමි­ටුව විසින් භාරදී අව­සන්ය. ඒ අනුව දැන් ඉති­රිව ඇත්තේ පාර්ලි­මේ­න්තුවේ මේ සම්බ­න්ධ­යෙන් විවා­ද­යක් පවත්වා දේශ­බන්දු තෙන්න­කෝන් පොලි­ස්පති ධුර­යෙන් නෙර­පා­ හ­රි­න්නට මන්ත්‍රී­වරු බහු­ත­ර­ය­කගේ යෝජනා සම්ම­ත­යක් පසු අප්‍ර­මා­දව ඔහුව පොලි­ස්පති ධුර­යෙන් පම­ණක් නොව, පොලිස් සේව­යෙන්ම නෙරපා හරින ලෙස ජනා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කර­න්න­ටය. එය එසේ සිදු වුව­හොත් මෙරට ඉති­හා­සයේ පළමු වරට පොලිස් සේව­යෙන් නෙරපා හරින ලද පොලි­ස්පති නාමය වන්නේද දේශ­බන්දු තෙන්න­කෝන්ය.

දේශ­බ­න්දුට පෙර 35 වැනි පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න ද පොලිස් ඉති­හා­සයේ සුවි­ශේෂි කඩ­ඉ­මක් පසු­කළ නිල­ධා­රි­යෙකි. ඒ ශ්‍රී ලංකා පොලී­සියේ එතෙක් මෙතෙක් වැඩිම කාල­යක් වැඩ­බ­ලන පොලි­ස්පති ධුරය දරා ඇත්තේ ඔහු වන බැවිනි. තොර­තුරු කල්තියා දැන සිටි­යද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය වළක්වා ගන්නට කට­යුතු නොකි­රීම සම්බ­න්ධ­යෙන් දැඩිව චෝදනා එල්ල වෙමින් 34 වැනි පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටි පූජිත් ජය­සු­න්දර 2019 වසරේ ඔක්තෝ­බර් 11 වැනිදා අනි­වාර්ය නිවාඩු යැවී­මට එකල පැවති යහ­පා­ලන රජයේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන පිය­වර ගත්තේය. ඒ පොලි­ස්පති ධුර­යෙන් ඉල්ලා අස්ව­න්නැයි කළ බල­පෑම් කිසි­වක් පූජිත් ජය­සු­න්දර නොත­ක­මින් සිටි පසු­බි­මක් තුළය. ඒ අනුව මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා පූජිත් ජය­සු­න්දර අනි­වාර්ය නිවාඩු යැවු­වේය. මෙය සැල­කෙන්නේ පොලිස් ඉති­හා­සයේ පොලි­ස්ප­ති­ව­ර­යෙක් අනි­වාර්ය නිවාඩු යැවූ පළමු අව­ස්ථාව ලෙසිනි. 2019 වසරේ අප්‍රේල් 29 වැනිදා අනි­වාර්ය නිවාඩු යැවූ පූජිත් ජය­සු­න්දර 2019 වසරේ ඔක්තෝ­බර් 11 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­ව­ටද ගත්තේය. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත ද විය. ඒ පාස්කු දා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙනි. මේ අව­ස්ථා­වද සැල­කෙන්නේ පොලිස් ඉති­හා­සයේ පොලි­ස්ප­ති­ව­ර­යෙක් හිරේ විලං­ගුවේ වැටුණු පළමු අව­ස්ථාව ලෙසිනි.

අනි­වාර්ය නිවාඩු යැවූ පූජිත් ජය­සු­න්දර මහතා වයස අවු­රුදු 60 පැන විශ්‍රාම යන තුරු පොලි­ස්පති ධුර­යෙන් හෝ පොලිස් සේව­යෙන් නෙර­ප­න්නට හෝ ඉවත් කිරී­මට හැකි­යා­වක් කිසි­වෙ­කු­ටත් නොලැ­බිණි. ඒ අනුව 2020 වසරේ මාර්තු 14 වැනිදා විශ්‍රාම යන තුරුම 34 වැනි පොලි­ස්පති පූජිත්ය. එම කාලය පුරාම පොලි­ස්පති ධුරයේ වැඩ බල­න්නට වූයේ එකල පොලිස් පරි­පා­ලන අංශ ප්‍රධා­නි­යාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න ය. 35 වැනි පොලි­ස්පති ලෙස ඔහුව පත්කෙ­රන්නේ පූජිත් ජය­සු­න්දර විශ්‍රාම ගැනී­මෙ­නුත් මාස කිහි­ප­ය­කට පසු­වය. ඒ 2020 වසරේ සැප්තැ­ම්බර් 27 වැනි­දාය.

වයස අවු­රුදු 60 සම්පූර්ණ වී 2023 වසරේ මාර්තු 25 වැනිදා සී.ඩි. වික්‍ර­ම­රත්න විශ්‍රාම ගැනී­මත් සමඟ මාස තුනක කොන්ත්‍රාත් සේවා කාල­යක් ඔහුට හිමි­වන්නේ එව­කට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ආශී­ර්වා­ද­යෙන් ව්‍යවස්ථා සභාවේ අනු­මැ­තිය ඇති­වය. ඒ අනුව ඔහු ජූනි 25 වැනිදා එම මාස තුනක කාලය අව­සන්ව ගෙදර ගියේය. එහෙත් නැව­තත් සති දෙක­කට පසු ඔහුව තවත් කෙටි කාල­ය­කට වැඩ බලන පොලි­ස්පති ධුර­යට පත්කි­රී­මට රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා පිය­වර ගත්තේය. එම කාල­යද සම්පූර්ණ කර සී.ඩී. වික්‍ර­ම­රත්න පොලිස් සේව­යට සමු­දෙන්නේ 2023 වසරේ සැප්තැ­ම්බර් 23 වැනි­දාය. සී.ඩී. පොලිස් ඉති­හා­සයේ තවත් වාර්තා­ව­කට උරු­ම­කම් කියන්නේ පොලි­ස්පති ධුරය දරා විශ්‍රාම ගොස් සති දෙක­කට පසු නැවත පොලි­ස්පති ධුර­යට පත් කෙරුණු පළමු පොලි­ස්ප­ති­ව­රයා ලෙසිනි.

පූජිත් ජය­සු­න්ද­රට පෙර පොලි­ස්පති ධුරය දරන්නේ එන්.කේ. ඉලං­ග­කෝන් ය. 33 වන පොලි­ස්ප­ති­ව­රයා වූ ඔහු පොලිස් සේවයේ මෑතක සිටි කීර්ති­මත්ම පොලි­ස්ප­ති­ව­ර­යාය. අද­ටත් ඔහුට ආද­රය කරන පොලිස් නිල­ධා­රීන් බොහෝය. දේශ­පා­ල­න­ඥ­යන්ගේ අනී­තික නියෝග හමුවේ කොන්ද කෙළින් තබා වැඩ කළ නිල­ධා­රි­යෙක් වූ ඉලං­ග­කෝන් පොලිස් ඉති­හා­සයේ නම කියැ­වෙන තවත් සුවි­ශේෂි පොලි­ස්ප­ති­ව­ර­යෙකි.

වසර 159ක පොලිස් ඉති­හා­සය තුළ මෙවැනි සුවි­ශේෂි අව­ස්ථා­වන්ට මුහුණ දී සිටින්නේ දේශ­බන්දු තෙන්න­කෝන්, සී.ඩී. වික්‍ර­ම­රත්න, පූජිත් ජය­සු­න්දර වැනි පොලි­ස්ප­ති­වරු පම­ණක් නොව, මෙරට ව්‍යව­ස්ථා­පිත පොලිස් සේවය 1866 වස­රේදී ස්ථාපිත වීමත් සමඟ පත්කෙ­රුණු පළමු පොලි­ස්පති ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් මහ­තාගේ පටන් මෙතෙක් පොලි­ස්පති ධුරය දැරූ පොලි­ස්ප­ති­වරු බොහො­ම­යක් දෙනා විවිධ අර්බු­ද­යන්ට ලක්ව ඇත්තේය.

පොලිස් ඉති­හා­සය පිරි­ක්සී­මේදී පළ­මු­ව­රට මෙරට පොලි­ස්ප­ති­ව­ර­ය­කුට සිය පොලි­ස්පති ධුරය අත්හැර යන්නට සිදු­වන්නේ 1937 දීය. ඒ එතෙක් මෙතෙක් ඉති­හා­සයේ වැඩිම කාල­යක් පොලි­ස්පති ධුරය හොබ­වන ලද සුදු ජාති­ක­යෙක් වන එච්.එල්. ඩවුබිං ය. 1913 සිට 1937 දක්වා වසර 24ක් පොලි­ස්පති ධුරය දැරූ ඔහුට පොලි­ස්පති ධුරය අත්හැර මෙර­ටින්ද යන්නට සිදු­වන්නේ වෙස්ක්‍රේ­ටිව් සිද්ධිය මුල්ක­ර­ගෙ­නය.

“වෙස්ක්‍රේ­ටිව් කියන ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යෙක් මඩො­ල්කැලේ වතු­යායේ වතු අධි­කා­රි­ව­රයා ලෙස පත්වුණේ ඩවු­බිංගේ කාල­යේදී. සුදු පාල­නය හිතුවේ නැහැ මෙම වතු අධි­කා­රි­ව­රයා පොඩි මිනි­ස්සුන්ගේ පැත්ත ගනීවි කියල. ලංකා සම­ස­මාජ පක්ෂ­යත් එක්ක මෙයා සම්බ­න්ධ­කම් ඇති­කර ගත්තා. ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා යන අය ඔහු ඇසුරු කළා. මේ නිසාම ලංකා­වෙන් මෙයාව පිටු­ව­හල් කරන්න අධි­ක­රණ නියෝ­ග­යක් ගන්නට ඩවුබිං පොලි­ස්ප­ති­ව­රයා පිය­වර ගත්තා. ඒත් එක්කම මෙයා හැංගුණා. පොලී­සිය කොත­රම් හෙව්වත් අල්ල­ගන්න බැරි­වුණා. ගෝල්ෆේස් එකේ තිබ්බ සම­ස­මාජ පක්ෂයේ රැස්වී­ම­ක­ටත් ඒ අතර ඔහු සහ­භාගි වුණා. ඒත් පොලී­සි­යට ඔහුව අල්ල­ගන්න බැරි­වුණා. මේ අතර වතු නාය­කයෝ එක­තු­වෙලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළා. වෙස්ක්‍රේ­ටිව් පිටු­ව­හල් කිරීම බල­ර­හිත කරන්න කියලා. සුදු ජාතික විනි­සුරු ග්‍රේසන් ඒ නියෝ­ගය බල­ර­හිත කර­මින් වෙස්ක්‍රේ­ටිව්ට මෙරට රැඳී සිටී­මට අව­ස්ථාව ලබා­දුන්නා. ඒත් එක්කම ඔහුට පොලි­ස්පති ධුර­යෙන් ද යන්න වුණා.“ විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත ජය­කො­ඩිගේ වච­න­ව­ලින් එකී ඉති­හාස කතාව කියැ­වෙන්නේ එසේය.

පළමු පොලි­ස්පති ලෙස 1866 දී කැම්බල් මහතා පත්වූ දා සිට වසර 1946 වන තුරු වසර 80ක්ම මෙරට පොලි­ස්පති ධුර දරා ඇත්තේ සුදු ජාති­ක­යන්ය. මුල්ම ස්වදේ­ශීය පොලි­ස්ප­ති­ව­රයා වන්නේ ශ්‍රීමත් රිචඩ් අලු­වි­හා­රේය. 1946 දී පොලි­ස්පති ධුර­යට ඔහු පත්වන්නේ අනු­රා­ධ­පු­රයේ දිසා­ප­ති­ව­ර­යාව සිටි­ය­දීය. ශ්‍රී ලංකා පොලී­සියේ 12 වැනි පොලි­ස්ප­ති­ව­රයා ඔහුය. රිචඩ් අලු­වි­හා­රේ­ගෙන් පසු පොලි­ස්පති ධුර­යට පත්වන්නේ ඒ වන විට පොලිස් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ­තම නිල­ධා­රියා වූ ඔස්මන් ද සිල්වා ය. ඔහු ජාතික වර්ණ­ලාභී ක්‍රීඩ­ක­යකු ද විය. පොලි­ස්ප­ති­ව­ර­යෙක් වූ පළමු ක්‍රීඩ­කයා ලෙසින් ඉති­හා­ස­යට එක්වන්නේ ඔහුය.

ඔස්මන් ද සිල්වා යනු ශ්‍රීමත් රිචඩ් අලු­වි­හා­රගේ බෑනාය. ඔහු පොලි­ස්පති ධුරයේ රැඳී සිටි­න­වාට බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­ර­යාගේ එත­රම් කැමැ­ත්තක් තිබී නැත. පොලි­ස්පති ධුර­යට පත්ක­ර­න්නට බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­රයා සූදා­නම් වන්නේ තමන්ට හිත­වත් රාජ්‍ය පරි­පා­ලන නිල­ධා­රි­යෙක් වන එම්.ඩබ්ලිව්.එෆ්. අබේ­කෝ­න්වය.

“බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­ර­යාගේ එම තීර­ණ­යට පොලී­සිය ඇතුළේ ලොකු විරෝ­ධ­යක් ඇති­වුණා. ඉහළ නිල­ධා­රීන් ඒ ගැන සාකච්ඡා කරන්න 1959 අප්‍රේල් 20 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රීන්ගේ නිව­ස්නයේ රැස්වුණා. එම රැස්වීම අත­ර­තුර බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­රයා අබේ­කෝන් සමඟ එහි පැමිණ දැනුම් දෙනවා මේ ඉන්නේ අලුත් පොලි­ස්පති කියල. ඒ වෙලාවේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යෙක් පම­ණයි ඊට විරෝ­ධය දක්වා තිබෙන්නේ.” යැයි ප්‍රියන්ත ජය­කොඩි එම අතී­තය විග්‍රහ කරන්නේ එසේය.

බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­ර­යාට ඔහු ඉදි­රි­පි­ට­දීම සිය විරෝ­ධය දැක්වූ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රයා පසු කාලයේ පොලිස් සේව­යෙන් විශ්‍රාම යන්නේ ශ්‍රී ලංකා පොලී­සියේ පළමු දෙමළ ජාතික පොලි­ස්ප­ති­ව­රයා ලෙස වාර්තා පොත්වල සිය නාමය සට­හන් තබාය. හෙතෙම 20 වැනි පොලි­ස්ප­ති­ව­රයා වූ රුද්‍රා රාජ­සිං­හම්ය. 1982 වසරේ අප්‍රේල් 20 වැනිදා පොලි­ස්පති ධුර­යට පත්වන ඔහු විශ්‍රාම යන්නේ 1985 වසරේ අප්‍රේල් 20 වැනි­දාය.

බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­රයා 1959 වසරේ සැප්තැ­ම්බර් 26 වැනිදා ඝාත­න­යට ලක්වන විට පොලි­ස්පති ධුරය දර­මින් සිටින්නේ ඔහුගේ විශ්වා­ස­ව­න්තම සගයා වූ අබේ­කෝ­න්මය. බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­ර­යාගේ ඝාත­න­යෙන් පසු සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ කාල වක­වා­නු­වේ­දීද පොලි­ස්පති ධුරය දරන්නේ අබේ­කෝ­න්මය. මැති­නි­යට එරෙ­හිව දියත්වූ හමුදා සහ පොලිස් කුම­න්ත්‍ර­ණය සිදු­ව­න්නේද මෙම වක­වා­නු­වේ­දී­මය. 62 හමුදා කුම­න්ත්‍ර­ණය යැයි සඳ­හන් වන්නේ එම කුම­න්ත්‍ර­ණ­ය­ටය. හමු­දාවේ සහ පොලී­සියේ සීමිත ඉහළ නිල­ධා­රීන් පිරි­සක් විසින් මැති­නිය සිර­ග­ත­කොට රාජ්‍ය බලය ඇල්ලී­මට කළ කුම­න්ත්‍ර­ණය පරා­ජ­යට පත්ක­ර­න්නට හැකි­යාව ලැබෙන්නේ එව­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නි­යාව සිටි එස්.ඒ. දිසා­නා­යක නිසාය.

ඒ නිසාම 1963 වසරේ අප්‍රේල් 29 වැනිදා අබේ­කෝන් පොලි­ස්පති ධුර­යෙන් විශ්‍රාම ගන්නා විට ඒ තන­තු­රට නිත­ර­ග­යෙන් පත්වන්නේ එස්.ඒ. දිසා­නා­ය­කය. 1963 වසරේ ජූනි 03 වැනිදා 15 වැනි පොලි­ස්ප­ති­ව­රයා ලෙස ඔහු වැඩ භාර­ගෙන තිබිණි.

මෙරට ඉති­හා­සයේ පොලි­ස්ප­ති­වරු දෙදෙ­නෙකු සිය සේවා කාලය තුළ මිය­ගොස් ඇත්තේය. ඒ එක් අයෙක් වන්නේ 1910 වස­රේදී හත්වැනි පොලි­ස්ප­ති­ව­රයා ලෙස පත්වුණු ශ්‍රීමත් අයි­වන් එඩ්වඩ් ඩේවිඩ් ය. වසර 13ක් පොලිස් සේවයේ රැඳී සිටි ඔහු 1913 වස­රේදී මිය යන්නේ නුව­ර­එ­ළි­යේදී මැලේ­රි­යා­වට ගොදු­රු­වී­මෙනි. ඔහු ශ්‍රී ලංකා පොලී­සියේ 07 වැනි පොලි­ස්ප­ති­ව­ර­යාය.දෙවැන්නා වන්නේ ලකී කොඩි­තු­වක්කු ය. 1998 වසරේ සැප්තැ­ම්බර් 01 වැනිදා විසි­හය වැනියා ලෙස පොලි­ස්පති ධුර­යට පත්වන ඔහු 2002 වසරේ අගෝස්තු 27 වැනිදා රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් මිය යන්නේ තවත් වස­රක කාල­යක් සේවයේ නිර­ත­වී­මට අව­කාශ තිබි­ය­දීය.

ලකී කොඩි­තු­ව­ක්කුගේ අභා­ව­යෙන් පසු පොලි­ස්පති ධුර­යට පත්වන්නේ ටී.ඊ. ආනන්ද රාජා ය. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙ­කුව සිටි­යදී මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙ­කුගේ දිය­ණි­ය­කගේ උප­න්දින සාද­ය­කට සහ­භා­ගි­වී­මක් හෙළි­වී­මත් සමඟ 2003 වසරේ ඔක්තෝ­බර් 14 වැනිදා ඔහුට පොලි­ස්පති ධුර­යෙන් විශ්‍රාම ගැනී­මට සිදු­වන්නේ සේවා දිගු­ව­කින් තවත් වස­රක් පොලිස් සේවයේ රැඳී සිටී­මට තිබුණු අව­ස්ථා­වද අහි­මිව යමිනි.

නැව­තත් අර්බු­ද­ය­කට මුහුණ දෙන පොලි­ස්ප­ති­ව­ර­යෙක් වන්නේ මහින්ද බාල­සූ­රි­යයි. 2009 වස­රේදී ඔහු පොලි­ස්පති ධුර­යට පත්වන්නේ 32 වැනි පොලි­ස්ප­ති­ව­රයා ලෙසිනි. 2011 වසරේ ජූනි 17 වැනිදා පොලි­ස්පති ධුර­යෙන් ඔහු ඉල්ලා අස්වන්නේ එකල පැවැති මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස කළ නියෝ­ග­ය­කට අනු­වය. ඒ තවත් වස­රක කාල­යක් පොලි­ස්පති ධුරය දැරී­මට අව­ස්ථා­වද අහිමි කර­ගෙන ඔහු ඉල්ලා අස්වන්නේ ආණ්ඩුව බේරා­ග­න්න­ටය. ඒ පුද්ග­ලික අංශයේ සේව­ක­යන්ට ඉදි­රි­පත් කළ විශ්‍රාම වැටුප් යෝජ­නා­ව­ලි­යට එරෙ­හිව කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පයේ සේව­ක­යින් විසින් පව­ත්වන ලද උද්ඝෝ­ෂ­ණ­යක් පාල­නය කිරී­මට ගිය පොලිස් නිල­ධා­රීන් අතින් රොෂේන් චානක නමැති තරු­ණයා වෙඩි වැදී­ම­කට ලක්ව මිය යාමත් සමඟ රට පුරා පැන නැඟුණු ජනතා විරෝ­ධය නිසාය. එන්.කේ. ඉලං­ග­කෝන් පොලි­ස්පති ධුර­යට පත්වන්නේ මහින්ද බාල­සූ­රි­යගේ හිඩැ­ස­ටය. මහින්ද බාල­සූ­රිය ශ්‍රී ලංකා පොලී­සියේ පළමු ආචාර්ය පොලි­ස්ප­ති­ව­ර­යාද වන්නේය.

මහින්ද බාල­සූ­රි­යට පෙර ඉල්ලා අස්වූ තවත් පොලි­ස්ප­ති­ව­ර­යෙක් වන්නේ සිරිල් හේරත් ය. ඔහු 22 වැනි පොලි­ස්ප­ති­ව­ර­යාය. 1985 වසරේ දෙසැ­ම්බර් 06 වැනිදා පොලි­ස්පති ධුර­යට පත්වන සිරිල් හේරත් 1988 වසරේ ජූලි 31 වැනිදා ඉල්ලා අස්වන්නේ තවත් වස­රක කාල­යක් පොලි­ස්පති ධුරයේ රැඳී සිටී­මට අව­කාශ තිබි­ය­දී­මය. ඊට මුල්වන්නේ එව­කට ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධ­න­යන් සමඟ ඇති වන ගැටු­මකි. එම ගැටු­මට මුල්වන්නේ එව­කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රුන් ලෙස සේවයේ නිර­තව සිටි ගෆූර් සහ උඩු­ග­ම්පොළ යන නිල­ධා­රීන් දෙදෙනා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන් ලෙස උසස් කරන ලෙස කළ දැනුම් දීමකි. ජ්‍යෙෂ්ඨතා ලේඛ­නයේ ඒ වන විට ගෆූර් සිටින්නේ 06 වැනි ස්ථාන­යේය. එහෙත් උඩු­ග­ම්පොළ සිටින්නේ 40 වැනි තැනේය. එබැ­වින් සිරිල් හේරත් ජන­ප­ති­ව­ර­යාට දැනුම් දෙන්නේ ගෆූර්ට උසස් වීම ලබා­දු­න්නද උඩු­ග­ම්පො­ළට ලබා­දී­මට නොහැකි බවකි. සිරිල් හේරත්ට කර­න්නට බැහැ යැයි කී එම උස­ස්වීම විධා­යක බල­තල යොද­මින් ජේ.ආර්. ජනා­ධි­ප­ති­ව­රයා එක පෑන් පහ­රින් අව­සන් කළේය. ඒ ගැන සිත් තැවු­ලට පත්වුණු සිරිල් හේරත් එදින සවස සිය නැන්ද­නි­යගේ නි‍ව­සට ගොස් එහි තිබුණු ටයිප් රයි­ට­ර­ය­කින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යතු­රු­ලි­ය­නය කරන්නේ තමු­න්මය. පසු­දින එම ලිපිය ඔහු භාර­දෙන්නේ එව­කට ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාව සිටි සේපාල ආටි­ග­ල­ටය. ඔහු සැල­කෙන්නේ රජය සමඟ ගැටු­මක් ඇති කර­ග­නි­මින් ඉල්ලා අස්වූ පළමු පොලි­ස්පති ලෙසිනි.

පොලි­ස්ප­ති­ව­රුන්ගේ ඉති­හා­සය පිරි­ස්සී­මේදී අඩුම කාල­යක් පොලි­ස්පති ධුරයේ රැඳී සිටි පොලි­ස්ප­ති­ව­රයා ලෙස සට­හන් වන්නේ 21 වැනි පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි එච්.ඩබ්ලිව්. එච්. වීර­සිං­හය. 1985 වසරේ අප්‍රේල් 21 වැනිදා පොලි­ස්පති ධුර­යට පත්වන ඔහු මාස අටක සේවා කාල­ය­කට පසු විශ්‍රාම ගන්නේ දෙසැ­ම්බර් 05 වැනි­දාය.

වසර 159ක පොලිස් ඉති­හා­සය තුළ මෙතෙක් පොලි­ස්පති ධුරය දැරූ පොලි­ස්ප­ති­වරු 36 දෙනා­ගෙන් බොහෝ දෙනෙක් විවිධ අර්බුද හා අව­ස්ථා­වන් මුල්ක­ර­ගෙන ඉති­හා­ස­යට එක්ව ඇත. ඒ අත­රින් දේශ­බන්දු තෙන්න­කෝන් සම්බ­න්ධ­යෙන් ඉති­හා­සය ලියැ­වෙන අවස්ථා බොහෝය. ඒ කීර්ති­මත් ඉති­හා­ස­යක් නොවන බව පැහැ­දි­ලිය. පොලි­ස්පති ධුර­යෙන් හෙට දිනයේ ඔහුව නෙරපා හැරි­යත් ඔහු පොලි­ස්ප­ති ­ධු­ර­යට පත්කි­රීම සම්බ­න්ධ­යෙන් වූ අධි­ක­ර­ණ­මය කට­යුත්ත තව­මත් ඇත්තේ විභා­ග­යේය. යම් විටක ඒ ලැබෙන තීන්දු­වද පොලිස් ඉති­හා­සය වෙනස් කිරී­මට බොහෝ විට තුඩු දෙනු ඇත. දේශ­බන්දු තෙන්න­කෝන්ගෙන් පසු ශ්‍රී ලංකා පොලී­සියේ 37 වැනි පොලි­ස්පති ලෙස පත්වන්නේ කවු­රු­න්දැයි තව­මත් සඳ­හන් කර­න්නට කල් වැඩිය. ඒ එම කට­යුත්ත පැවරී ඇත්තේ ජනා­ධි­පති සහ ව්‍යවස්ථා සභා­වට වන බැවිනි. යම් හෙය­කින් වැඩ බලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාට මෙම අව­ස්ථාව ලැබු­ණ­හොත් ඔහුද ඉති­හා­ස­යට එක්වන තවත් චරි­ත­යක් වනු ඇත. ඒ පොලිස් කොස්තා­පල්, පොලිස් පරී­ක්ෂක සහ සහ­කාර පොලිස් අධි­කාරී යන අවධි තුනම දරා ඇති එකම පොලි­ස්පති ලෙසිනි.(දිනමිණ)

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00