ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්

ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්

by CeylonLk
0 comments

සටහන…….අරුනඩෙල් විජේරත්න

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනාගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. 

සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදුකරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදල මෙහිදී එකඟ විය. 

සෞදි සංවර්ධන අරමුදල දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවති ආර්ථික අර්බුදය හමුවේ කොන්දේසි විරහිතව සෞදි අරාබිය ලබා දුන් සහායට කෘතඥතාව පළ කළේය. 

සෞදි අරාබි සංවර්ධන අරමුදලෙන් නව ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර ජනතා අවශ්‍යතාවල ප්‍රමුඛතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට යොදවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති ඛලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) යන මහත්වරු, සෞදි සංවර්ධන අරමුදලේ ආසියානු මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සවුද් අයිද් ආර්. අල්ෂම්මාරි (Saud Ayid R. Alshammari) ඇතුළු එම අරමුදලේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. 

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00