ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය අපේ සාමාජිකාවක් නොවෙයි – GMOA

චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය අපේ සාමාජිකාවක් නොවෙයි – GMOA

by CeylonLk
0 comments


සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණ වන ලෙස කටයුතු කරන්නේ නම් හෝ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර තීන්දු තීරණ ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම සිදුකරන පරීක්ෂණ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට බලාපොරොත්තු නොවන බවත්, ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද සූදානම් බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ, විනය පරීක්ෂණ යන සියල්ලම වහාම විධිමත් ලෙස සිදුකර, අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියා.

වැරදි කරන පුද්ගලයින් රැකීමට තම සංගමය සූදානම් නොමැති බවද ඔහු කියා සිටියා.

අදාළ චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක් නොවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00