ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ගෝනමැරියාව ජල උල්පත

ගෝනමැරියාව ජල උල්පත

by CeylonLk
0 comments

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 25 ග්‍රාම නිලධාරී වසම ගෝනමැරියාව ගම්මානය තුළ මෙම දිය උල්පත පිහිටා ඇත.

මෙම ගම්මානය තුළ පිහිටි වේරගම පුරාණ රජමහා විහාරස්ථානයේ පෞරාණික නටඹුන් රාශියකින් සමන්විත වේ. ඒ අතර මහනුවර යුගයේදී ඉදිකරන ලද ටැම්පිට විහාරයක්ද දක්නට ලැබේ. මෙම විහාරස්ථානයට නැගෙනහිර දිශාව වන්නට උස් බිම් කඩකින් සමන්විත අලංකාර පරිසරයක් හා වන රොදකට මැදිවූ දිය උල්පත දකින කාගෙත් නෙත්සිත් පුබුදු වන්නකි.

මෙම ජල උල්පත අඩි 03 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර වර්තමානය වන විට ජලය ලබා ගැනීමට පහසු පරිදි නවීකරණය කර ඇත.මෙහි ජලය කිවුල් බවින් තොර ,පිරිසිදු පානය කිරීමට ඉතාමත් සුදුසු ජලය වේ.

වකුගඩු රෝගය පිළිබඳ කරන ලද පර්යේෂණ වලදි පානයට ඉතාමත් සුදුසු ජලය පවතින ස්ථානයක් ලෙස මෙම උල්පත් ජලය ලෙස පිළිගෙන ඇත.එම හේතුව නිසා මෙම ජල උල්පත ප්‍රදේශවාසී ජනතාවට මිළ කළ නොහැකි සම්පතකි.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජල උල්පත් සදහා ප්‍රසිද්ධියක් උසුලන අතර,ගෝනමැරියාව උල්පතට අමතරව සිංහයා උල්පත,බණ්ඩාර උල්පත, කලවැදි උල්පත,වැලිමුවපොතාන, දුනුකෙයා උල්පත ,කුරුලු උල්පත යනාදී උල්පත් 28 ක් පමණ මෙම ප්‍රදේශයේ පවතින බව සදහන් ය.

ජනප්‍රවාද වලට අනුව රජරට පුරා දිය උල්පත් 672 ක් පමණ පැවත ඇත.අතීත රජවරු විසින් වැව් නිර්මාණය කිරීමේදී ද දිය උල්පත් මැදි කර වැව් නිර්මාණය කර ඇත. එලෙස සිදු කර ඇත්තේ උල්පත් ජලය නොසිදෙන බැවින් වැවේ ජලය වර්ෂය පුරාවටම රදවා තබාගැනීමටය.

මිනිසාගේ වැරදි චර්යා රටා නිසා මේ වන විට අතීතයේ පැවති උල්පත් රැසක් සිදී ගොස් ඇත.මෙවැනි ජල උල්පත් රැකගැනීම අනාගත පරම්පරාවට අප කරන වැදගත් යුතුකමකි.

සටහන උපුටාගැනීමකි

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00