ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ගංජා වගාවට දොස්තර සංගමයකුත් විරුද්ධ වෙයි

ගංජා වගාවට දොස්තර සංගමයකුත් විරුද්ධ වෙයි

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

මෙරට තුළ ගංජා වගාකිරීමට විදේශීය සමාගම්වලට අවසර දෙන බවට කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එම තීරණයෙන් එල්ල විය හැකි සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික අවදානම් කිහිපයක් සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇති එම සංගමය ඉල්ලා සිටින්නේ, එම තීරණය ඉවත් කරගන්නා ලෙසයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ, රජය ඒ සඳහා භාවිත කර ඇති “ඖෂධීය භාවිතය” යන යෙදුම නොමඟ යවනසුළු බවයි.

2021 වසරේ සිට වෛද්‍ය සහ ඖෂධ සඳහා වගාකරන ගංජා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ප්‍රකාශ කළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය උපුටා දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියාසිටින්නේ, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල පවා ගංජා සඳහා අනුමත භාවිතය අනුමත කර ඇත්තේ ඉතා සීමිත දුර්ලභ තත්වයන් සඳහා පමණක් බවයි.

භාවිතයේ පවතින ඖෂධ නිෂ්පාදනයට සහ වැඩිදුර පර්යේෂණ සඳහා අවශ්‍ය වන්නේ ගංජා කුඩා ප්‍රමාණයක් පමණක් බැවින් විශාල වශයෙන් කංසා වගාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම තීරණය ඩොලර් බිලියන ගණනක අලාභයකට මුහුණ දී සිටින බහුජාතික ගංජා සමාගම්වලට උපායමාර්ගිකව නව වෙළඳපොළ වෙත ව්‍යාප්ත වීමටත්, දිගුකාලීන සීමා ඉවත් කිරීමටත්, අවසානයේදී ශ්‍රී ලංකාව තුළ බහුලව පැතිරී ඇති ගංජා සාමාන්‍යකරණය කිරීමටත් මගපෑදිය හැකි බවට ද ඔවුන් අනතුරු අගවා තිබේ.

නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමේදී නීතිය ක්‍රියාත්මක කිරීම දැනටමත් මුහුණ දී ඇති දුෂ්කරතා සලකා බලන විට, රට තුළ ගංජා වගාවන් සුරක්ෂිත කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ද ඔවුහු අවධාරණය කරති.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අනුව, නව ප්‍රතිපත්තිය දේශීය වීදිවල ලබා ගත හැකි ගංජා ප්‍රමාණය වැඩිකිරීමට ඉඩ ඇති අතර එමගින් මානසික අවපීඩනය සහ මානසික ආබාධ, ඇබ්බැහි වීම සහ බරපතල පෙනහළු ආබාධ වැනි ගංජා භාවිතයේ සෞඛ්‍ය අවදානම නරක අතට හැරෙනු ඇත.

නව යොවුන් වියේ දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාල වීම, ස්වයං හානි, සියදිවි නසාගැනීම් සහ මාර්ග අනතුරු වැනි මෙරටින් දැනටමත් වාර්තා වන මරණ සඳහා ප්‍රමුඛතම හේතුව ගංජා බව ද එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00