සටහන..අරුනඩෙල් විජේරත්න
එකල ගෙවල් කීපයකට එක් රූපවාහිනී (ටැලිවිෂොන් )යන්ත්‍රයකි. එය නැරඹීමට එන පිරිස ඉමහත්.වු අතර උපරීම සතුටක් ප්‍රීති ප්‍රමෝදයක් ඔවුන් ලැබුවා .
රූප පෙට්ටි දර්ශන මාධ්‍ය
මහල්වරාව ප්‍රදේශයේ ඉදිකළ විකාශණ කුළුණක් මතින් .ශාන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1978/*1979 අයි. ටී.එන්(ITN) වලින් පටන් ගත් අතර
ජාතික රූපවාහිනිය(1982), ,
ටී. එන්.එල් (TNL)ඒවාට සමගාමීව (පෞද්ගලික)විතරයි තිබුනෙ .
ඉතින් දැන් අපි එදා ටීවී එක නරඹපු කතාවට එමු.. “ඩේට්රෝන්”,(අපේ ගෙදර තිබ්බ වර්ගය)
“president”,”sanyo”,”Philips”,”කොස්මො”,”සිංගර්”නැෂනල් පැනසොනික්”, “Gold star” වැනි කලුසුදු
(B/W) රූපවාහිනී යන්ත්‍ර නාමයන් එදා වෙළද පොලේ තිබ්බ. ඒවා 12″,14″,17″ ආදී ප්‍රමාණ වලින් තිබුණා .
කූරු ඇන්ටෙනා එක උණගස් කෑල්ලක හයිකරලා එහාට මෙහාට කරකවලා තමයි රූපවාහිනීය ක්ලියර් කරලා ගත්තේ.ඒත් තිත් තිත් අඩුවුනේ නැහැනේ. සමහරු ඔය ඇන්ටෙනාව ගේ අසල උසම ගහක බදිනු ලැබුවා ඒ හොද දර්ශන ලබා ගැනීමට. හරිද …තව ටිකක් කරකවන්න. ..ආ ඔහොම තියන්න. .තව චූටීටක් එදා නිතරම හොද දසුන් ලබා ගැනීමට ඇසුන වචන .
විදුලි බලය ගොඩක්ම නිවෙස් වල නොතිබූ නිසා
12 වෝල්ට් කාර් බැට්රියෙන් තමා ගොඩක්ම එදා රූපවාහිනී යන්ත්‍ර වැඩ කලේ .දිගට බලනව නම් උපරිම දවස් පහක් වත් බෑ බලන්න බැටරි ක්ෂය වෙනව .එතකොට ටික ටික තිරේ ලං වෙනව .ඒත් ඒ තිරෙන් ද එදා රූපවාහිනිය බැලුව .වගේම බැටරි කණු තදට ගැසීම. ඔක්සයිඩි ඉවත් කර බැලීම තුල හොද දසුන් ගන්න අසාර්ථක ප්‍රයත්න ද කලා .බැටරි යේ වතුර බැලීම ලෙවල් බලා එකතු ත් ඒ අතර ගෙදර කලා .
දර්ශන පටන් ගන්න පෙර සහ විසන්ධි වීමකදී තිරය මත කලු සුදු තිත් විසිරෙමින් “ෂූ” හඩ එක්ක අපුරු රටා මැව්වා .ඒක අදත් හොදට මතකයි .
ITN සහ ජාතික රූපවාහිනියේ
“හරි හාවා”,”දොස්තර හොද හිත”,”සින්දු බින්දු “,”හත්පණ”, “ලා හිරු දහසක් “
“පලිගු මැනිකේ”
“ඇල්ල ලග වලව්ව”,
“දිමුතු මුතු”,”ගම්පෙරලිය “,”අඹ යලුවෝ”,
“කෝපිකඩේ”
වැනි ටෙලිනාට්‍ය සහ කාටුන් වැඩසටහන් ද…
“මධුරසාංග “,”නන්දන වින්දන “වැනි සංගීත වැඩසටහන් ද ..
“වීර පුරන් අප්පු” වැනි සිංහල චිත්‍රපට ද.
“නයිට් රයිඩර් “,”මන්කි”,”ටාසන් “,”වී”,”චිප්ස්”,”ස්ට්‍රීට් හෝක්”,(මගේ ආසම ටෙලි වෘතාන්ත ටිකක්)
“සෙසමිස්ට්‍රීට්”,”ගලිවර්”
“බිග්ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි”,වන්ඩර්ෆුල් වර්ල්ඩි ඔෆ් ඩිස්නි” (මගේ ඉරිදා සවස ආසම ටෙලි වෘතාන්තය, )”little house on the fevery”,”අයන් මෑන්”,”ඉන්ටඩිබල් හල්ක් ” ඉන්ග්‍රීසි සින්දු වැඩසටහන වෙරයිටි ෆෙයා, ඩිෆරන්ට් ස්ට්‍රොක්ස් වැනි අර්ථ රසයෙන් යුතු ඔලු නො/ක/න වැඩසටහන් හරි හරියට විකාශන උනා .
ඒ කාලේ විදුලි පන්දම් නැති අය පොල් අතු (හුළුඅතු) පත්තුකරගෙන යන්නෙ රූපවාහිනිය තියන ගෙදරකට ටීවී බලන්න.
ඒ ගිහිල්ල හුළු අත්ත පොළවේ ගහල නිවල පැත්තක තියනව ආය එනවිට පත්තු කරගෙන එන්න. හරිම සුන්දර දසුන් නේද .කළුවරේ එළියක් ඇවිදින එක.
එදා පැදුරේ ඉදගෙන ගමක් එක්කාසුව තමා රූපවාහිනිය නැරඹුවේ.
රොස්මන්ඩි සේනාරත්න ,සුමනා නෙල්ලම්පිටිය
සුභාෂිණි හේමමාලා
අනෝමා වත්තලදෙණිය,ඉඳුනිල් දිසානායක,
සුරම්‍ය මාපිටිය, නොයෙලින් හොන්ටර් ආදී නමි වශයෙන් මට මතක ප්‍රවීණ නිවේදක නිවේදිකාවෝ එදා රූපවාහිනිය ආලෝකමත් කලා.
එදා කෙසේ වෙතත් අවුරුද්දට වතාවත් රූපවාහිනිය බලන්න ,රේඩියෝ අහන්න
රඡයේ ලයිෂන් එකක් නමි ගන්න උනා ඒක තැපැල් කන්තෝරුව හරහා කරගනූ ලැබූ අතර ඒක අනිවාර්යය උනා.
මොන තරම් දුෂ්කර උනත් ඒ ලස්සන සුන්දර අතීතය නම් කියා,ලියා ඉවර කල නොහැකි මතක මං පෙත් අවුස්සනව තමයි ඉතින් .ආදරෙයි, ආදරෙයි ආඩම්බරයි ඉතින් ,![]()
![]()
මමත් ඒ අතීතයේ යමි කාලසීමාවක කොටස් කරුවෙක් වීම ගෑන