සටහන..අරුනඩෙල් විජේරත්න
උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8.67ක වපසරියකින් යුත් ඉඩමක් සහ එහි ඉදිරි කරමින් පැවති රුපියල් කෝටි 3.5ක දල වටිනාකමක් සහිත දෙමහල් සුඛෝභෝගී නිවසක් තහනම් කිරීමට කටයුතු කළ බවත් ගෙහිමි කාන්තාව අත් අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාන්තාවට හෝ සැමියාට නිසි රැකියාවක් නොමැතිව කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වෙමින් බෝකුන්දර පාසල් මාවතේ අඩි 15ක් උසැති තාප්පයකින් වට කරන ලද ඉඩමක සුඛෝ භෝගී දෙමහල් නිවසක් ඉදිකරමින් පවතින බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට 2023 වසරේ ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයන් ලබා දෙන මත්ද්‍රව්‍ය කිරුලපන සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ජාවාරම සිදු කරන බවට විමර්ශනවලදී හෙළිවීමෙන් අනතුරුව 2024 වසරේදී සැකකාරියට විරුද්ධව විදේශ ගමන් තහනමක් ලබාගත් බවද පොලිසිය කියයි.