ආදිත්‍යා “මිස් ටුව­රි­සම් යුනි­වර්ස්” තරගාවලිය සඳහා පිලිපීනයට

සටහන..අරුනඩෙල් විජේරත්න

ශ්‍රී ලංකාවේ ජන­ප්‍රිය ගායි­කා­වක වන ආදිත්‍යා වැලි­වත්ත මෙනවිය පිලි­පී­නයේ මැනිලා නුවර පැවැ­ත්වෙන “මිස් ටුව­රි­සම් යුනි­වර්ස්” (Miss Tourism Universe) තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම සඳහා ඊයේ (29) අලු­යම කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් පිටත්විය.

ඇය ලබන 08දා පැවැත්වෙන එම තරගාවලියේ“යුනි­වර්ස්” කාණ්ඩය යටතේ තර­ග­වැ­දී­මට නිය­මි­තය.

ඇයගේ පුහු­ණු­කරු ලෙස මිස් ටුව­රි­සම් ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහු­ණු­කරු වූ රුක්මාල් සේනා­නා­යක මහතා කට­යුතු කර තිබේ.

දිනන පරදින එක අපිට කියන්න බැහැ… මහන්සියේ ප්‍රථිඵල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි, යැයි ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මාධ්‍ය හමුවේ පැවසුවාය.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර