387
සටහන..අරුනඩෙල් විජේරත්න
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක වන ආදිත්‍යා වැලිවත්ත මෙනවිය පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන “මිස් ටුවරිසම් යුනිවර්ස්” (Miss Tourism Universe) තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්විය.
ඇය ලබන 08දා පැවැත්වෙන එම තරගාවලියේ“යුනිවර්ස්” කාණ්ඩය යටතේ තරගවැදීමට නියමිතය.
ඇයගේ පුහුණුකරු ලෙස මිස් ටුවරිසම් ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහුණුකරු වූ රුක්මාල් සේනානායක මහතා කටයුතු කර තිබේ.
දිනන පරදින එක අපිට කියන්න බැහැ… මහන්සියේ ප්‍රථිඵල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි, යැයි ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මාධ්‍ය හමුවේ පැවසුවාය.