ceylonlknews.com

Ceylon Lk News

Home Politics අමෙරිකාවේ TikTok ක්‍රියාවිරහිත වෙයි

අමෙරිකාවේ TikTok ක්‍රියාවිරහිත වෙයි

by
0 comments

මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ.

අධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි  අද (19)  දිනයේ සිට TikTok යෙදවුම අමෙරිකාවේ භාවිතය තහනම් කිරීමට නියමිතයව තිබුණ ද ඊයේ (18) පස්වරුවේ සිටම Apple සහ google App store වලින් TikTok යෙදවුම් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ක්‍රියා විරහිත වූ TikTok යෙදවුමේ දැන්වීමක් පළ කරමින් සිට අමෙරිකානු පරිශීලකයින්ට පවසා ඇත්තේ,

“එක්සත් ජනපදයේ ටික්ටොක් තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. ඒ අනුව අවාසනාත්මක ලෙස ඔබට දැනට TikTok භාවිතා කළ නොහැකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සම්බන්ධයෙන් අප සමඟ කටයුතු කරන බව පවසා තිබීම වාසනාවක්. එබැවින් කරුණාකර අප සමඟ රැඳී සිටින්න” යනුවෙනි.

ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන  TikTok යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වේ.

ඒ අනුව, වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Capcut සහ Lemon8 යන යෙදවුම් ඇතුළුව බයිට් ඩාන්ස් සතු අනෙකුත් යෙදුම් ද සෙනසුරාදා පස්වරුව වන විට අමෙරිකාව සතු වන App store වලින් බාගත කිරීමට නොහැකි වු බව සඳහන් වේ.

මේ අතර, මීට පෙර දිනයකදී මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, අදාළ තහනමට දින 90ක සහනයක් ලබා දීම බොහෝ දුරට සිදු කරනු ලබන බවත්, එය ලබාදීම සුදුසු වන බවත්ය. එමෙන්ම තමන් එය තීරණය කළහොත්, එය සඳුදා නිවේදනය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.

TikTok යෙදවුම 2012 වසරේදී නිර්මාණය කෙරුණු අතර එය ඉතාම කෙටි කලක් තුළ ලොව පුරා ඉතාම වේගයෙන් ප්‍රචලිත විය.

ඒ අනුව, TikTok සමාජ යෙදවුම හරහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය නිර්මාණ, හැකියාවන් සහ නොයෙකුත් දේ ඉදිරිපත් කිරීමට TikTok පරිශිලකයින් කටයුතු කළේය.

ලොවපුරා TikTok යෙදවුම හරහා වෙනමම කර්මාන්තයක් ගොඩ නැගුණු අතර එය උන්මාදයක් බවට පත්විට ගත වුයේ ඉතා කෙටි කාලයකි.

මෙවැනි තත්ත්වයක් පවතින අවස්තාවක දී අමෙරිකානු ආරක්ෂක බලධාරීන් චෝදනා කරමින් පැවසුවේ TikTok යෙදවුම හරහා චීනය, අමෙරිකාවේ ආරක්ෂික තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවත්ය.

ඒ අනුව අමෙරිකාව විසින් TikTok යෙදවුම හිමි බයිට් ඩාන්ස් නම් චීන සමාගමට නියෝග කළේ TikTok යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් 2025 වසරේ ජනවාරි 19 වනදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් කරන ලෙසත් ය.

එම සමාගම අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව පසුගියදා තහවුරු කර කළේය.

මිලියන ගණනක් වූ අමෙරිකානු TikTok පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළකර තිබුණි.

කෙසේ වෙතත්, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවටය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය සම්බන්ධයෙන් පවසා ඇත්තේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
    -
    00:00
    00:00