ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග අපේ පැරැන්නන් ඇන්ද රෙදි පිළි වර් ග

අපේ පැරැන්නන් ඇන්ද රෙදි පිළි වර් ග

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

අද නම් අපිට විස්කෝස්, ලිනන් වගේ නොයෙක් නම්වලින් හැඳින්වෙන රෙදි වර්ග තියෙනවනෙ! එතකොට අපේ මුතුන්මිත්තන් ඇන්ද රෙදිවලට තිබ්බ නම් මොනවද?

දැනට අවුරුදු සීයකට විතර ඉස්සර, ඇන්ද ප්‍රසිද්ධ රෙදි වර්ග කීපයක් නම්, සැටින්( සේද), වැල්වට්, කේම්බ්‍රික්, මුස්ලින්, කැලිකෝ, ඇල්පකා යි. මේවා නම් කෙරුණේ , එක්කො හදපු රට, එහෙම නැත්නම්, හදපු ක්‍ර්‍රමය අනුව. ඇල්පකා කියන සතාගෙ ලොම්වලින් ඇල්පකා රෙදි; කැලිකට් නගරයෙන් කැලිකෝ; කේම්බ්‍රිජ් නගරයෙන් කේම්බ්‍රික්.

ඊටත් ඉස්සර මොනවද ඇන්දෙ? මෑතක් වෙනකම්ම ගෙදරට අවශ්‍ය පැදුරුමලු ගෙදර අයම වියාගත්ත වගේ, ගෙදරට අවශ්‍ය රෙදිත් ගෙදරදිම තමයි වියල තියෙන්නෙ! මේවයින් ජනප්‍රිය වර්ගයක් තමයි, කළුකාගන් නමින් හඳුන්වපු නිල්

‍රෙදි වර්ගය.

කපුවලින් වගේම, කංසා ගහේ කෙඳිවලිනුත් රෙදි විව්වලු!

ඒ රෙදි වියපු ක්‍ර්‍රමය ගැන නෙවෙයි මේ කතාකරන්න යන්නෙ! රෙදිවලට ඒ කාලෙ කියපු නම් ගැනයි මේ සටහන.

රජකාලෙ පාවිච්චි කරපු රෙදි ගැන සඳහනක්, කුරුණෑගල රිදී විහාරයේ පැරණි ලිපියක තිබිල සොයාගෙන, සොරගුණේ අබේරත්න බණ්ඩා මහතා, ලංකා සඟරාවෙ (1954 දි)පළකරල තියෙනව.

මේ තමයි ඒ නම් ලැයිස්තුව. මේවයින් බොහොමයක්, රෙදිවර්ගම නෙවෙයි! එකම රෙද්දකින් විවිධ ආකාරයට හදපු ඇඳුම්; එහෙම නැත්නම් එකම රෙද්දෙ විවිධ පාට කියලයි හිතෙන්නෙ! නම් වැඩි හරියක් දෙමළ බසින් තියෙන නිසා, දකුණු ඉන්දියාවෙන් ඒ නම් ලැබුණ කියල හිතන්න පුලුවන්!

සීන්පට කියල රෙදි වර්ගයක් ගැන, සීගිරි ගීවල සඳහන් වෙනව.චීනෙන් ගෙනා සේද රෙදි කියලයි විශ්වාසය. මෙතන කියවෙන, සීන් සේල, ජින පට, ජින සළු, සීන් කම්, සෙන්දිරානි, සේනියන්, රෙදිත් චීනෙන් ගෙනා බව අනුමාන කළෑකි.

1. පට නමින් හැඳින්වුණු වර්ග-:

පට, දිවයින්පට, ගිරාපට

පොන්නිපට, නිල්පට, තේපට

සුදුපට, රටාපට , ජිනපට

පටපට

0. සේල නමින් හැඳින්වුණු වර්ග :-

සීන්සේල දසරුසේල

වලස වියන්සේල. සලහාරන් සේල

පල්ලැහි සේල තුඩන් සේල

රත් සේල. සුදු සේල

සළු සේල

0. සළු නමින් හැඳින්වුණු වර්ග :-

කෝඡා සළු කසී සළු

ජින සළු. දිවයින් සළු

රන් සළු. දේවාඟ සළු

0. කච්චි නමින් හැඳින්වුණු වර්ග :-

පටකච්චි කඩකච්චි

මුතුමානික්කාඩිකච්චි නිල්කච්චි

විලප්පුවන්නිකච්චි සීන්කච්චි

සූර්‍යදේවගිරිකච්චි

මකුදෝසිරාවගිරිකච්චි

වෛරුබියන්කච්චි

උදේගිරිකච්චි

කාම්බෝජදේවගිරිකච්චි

ඉරිවරියන්කච්චි

මකමදෝසනීලගිරිකච්චි

නීලමානික්කාඩිකච්චි

5 කට්ටු නමින් හැඳින්වුණු වර්ග-:

බෝදික්කට්ටු, මාන්කට්ටු, උත්තුයබෝදිකට්ටු, ඉදක්කට්ටු, වෛරක්කට්ටු.

6 ඔලියල් නමින් හැඳින්වුණු වර්ග-:

කඩි ඔලියල්, රවුත්‍රායන් ඔලියල්, ඉස් ඔලියල්, කෛ ඔලියල්.

0. මූරි නමින් හැඳින්වුණු වර්ග-:

කායල්මූරි, පළඟමූරි,

අබරිමූරි, කයිමූරි

0. වෙනත් විවිධ නම්වලින් හැඳින්වුණු වර්ග-:

සෙක්කන්, වඩක්කන්, තිලිමූක්කන්, පාරක්කම්, සීන්කම්, පට්ටෝඩම් ,පච්චවඩම්, සිවප්පූයම්,.

යාඩි එළුක්කුඩ පූත්‍රයන්, දේවාග, දේවගිරි, කුජරාත්ති ,කම්පාත්ති , කාමරූපවන්ති, වනිග, කාංගන්, වනති, ඉන්දිරානි, සෙන්දිරානි,

සේලක්කාවි, වේලක්කාවි, වට්ටක්කාවි, කුංකුමක්කාවි, චාදනක්කාවි, පුතලක්කාවි,

වරියන්,තලවරියන්, මුතුවරියන්, දෙපත්තිරියන්, කයිප්පූයන්, නීලවිලුම්බන්, පලවනියන්, මුතු පනීයන්, සේනියන්, තලප්පානයන්, පෙලියූරයන්, මලියරයන්.

භුවනේක වීරයන්, පරනේ වීරයන්, විගුනේ වීරයන්, සංකිලි වීරයන්,

විලක්කඩි, මන්නිරක්කඩි, එන්නිරක්කඩි, නේක්කඩි, වන්නි රක්කඩි,

පඩි එලුක්කු පත්‍රයම්, යාඩි එළුක්කුජ පත්‍රයම්,පරුක්කානි, විලසවියන්, බොලියන්, තවරාජයන්, වෙක්කනි, මච්චිලියන්. භෛරවන්නි, කෝලවන්නි, ලතඹි,

පට්ටු,සෙන්බන් තඩුප්පු.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00