ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග අකුණු සන්නායක

අකුණු සන්නායක

by CeylonLk
0 comments

සටහන අරුනඩෙල් විජේරත්න

 

දුර වන්නියට

මෝසම් වැසි

වහිනකොට

විජ්ජුලතාලා

බහිනවා

වෙල්එලි වලට

බේරගන්න

ඒ ගිනිසැරයෙන්

ගොවියන් වටින

හදපු අකුණු සන්නායක

මේවයි එදවස කදිම !!

රසික සඳරුවන්

© කතාකරන වෙදකුරු

අටුවාව

ඇස නොගැටුණු,

අකුණු_ආරක්ෂක..

මෙම සුවිසල් ගල්නිමැවුම පිහිටා ති‍‍බෙන්නේ අනුරාධපුර ත්‍රිකුණාමලය මහා මාර්ගයේ තිබෙන මොරවැව නම් පුදේශයේයි. දැවැන්ත ගල් කුලුනකට සමාන මෙය මිනිස් නිර්මාණයක් බව සනාථ කරන ලකුණු එහි දක්නට තිබෙනවා. මෙවැනිම ගල්කුලුනු හතරක් මෙම ස්ථානයේ දැකගන්නට පුලුවන්. ඒවා එකිනෙකට සැතපුම් 6-7 අතර දුරකින් පිහිටුවා තිබෙනවා.

මහත් ශ්‍රමයක් යොදා මෙම දැවැන්ත ගල්කුලුනු නිමවන්නට ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි කාගේ හෝ අවධානයක් මෙතෙක් යොමු වි නැහැ. අවස්ථා කිහිපයකදී කළ නිරීක්ෂණ අනුව මෙම සුවිසල් ගල්කුලුනුවලට අදත් අකුණු සැර යොමු වන බව දැන ගන්නට තිබෙනවා. අපේ මහා ස්තූපවලට යෙදු යූපස්තම්භ නම් ගල්කුලුනු සහ මෙම ගල් නිමැවුම් අතර බොහෝ සමානකම් තිබෙන බව පෙනෙනවා. එහෙත් මොරවැව ගල්කුලුනු වඩා පැරණි බව ඒවායේ රළු නිමැවුම දෙස බලන විට වැටහෙනවා.

වියළි කලාපීය තැනිතලාවේ වෙසන ගොවියන් මහකන්නයේ වැසි සමයේ ඇති වන මහා අකුණු සැරවලින් බේරා ගැනීමට ඉදි කළ නිමැවුමක් ලෙසයි මෙය සැළකෙන්නේ. සමහර විට මෙය අපේ හෙල මැවිසුරුවන්ගේ (ඉංජිනේරැවන්ගේ) තවත් සංකල්පීය විස්කමක් බව නොඅනුමානයි.

මූලාශ්‍ර – මහාචාර්‍ය රාජ් සෝමදේවයන්..

(උපුටාගැනීමකි )

May be an image of monument

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00