SSS....දෙමළ චිත්‍රපටය
මොහාන්ගෙන් “SSS” ඉන්දීය සිනමාවට !! ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉතිහාසයට අනුව ලංකාවේ සිනමාව පිහිටුවන්නේ දෙමළ භාෂාව කතා කරන්නන්.
ඔවුන් දෙමළ සිනමාවේ ආභාසයෙන් චිත්‍රපට නිර්මාණකරනයේ යෙදුනා.
එවැනි චිත්‍රපට බොහෝ ගනනකින් ලැබූ පන්නරයකින් පසු තමයි සිංහල දෙමළ ජාතිකයන් කිහිප දෙනෙක් එකතුව ලංකාවේ සිනමා කර්මාන්තය නිර්මාණය කරන්නෙ.
මෙය සාමූහික ප්‍රයත්නයක් මිස කිසිවෙන් තනි උත්සාහයක් නෙවෙයි.
ඇත්තටම මෙය අප විසින් ආඩම්බර විය යුතු කරුනක් සහ ජාතීන් අතර තිබෙන පරතරය අඩු වීමට උපයෝගී කර ගත යුතු කරුනක්.
නමුත් රටේ සිදු වූ ඛේදවාචක නිසා මේ ඇත්ත ඉතිහාසය කාලයක් යද්දි මැකිලා ගිහිං..
කලා නිර්මාණයක් රසවිඳින්න අපට භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.සාක්ශිය ලංකාවේ සිංහල ප්‍රේක්‍ෂකයන් සිංහල චිත්‍රපට වලට වඩා ආකර්ශනය වී ඇත්තේ හින්දි, තෙළිඟු, දමිළ, මලයාලම් චිත්‍රපට නරඹන්න..
වැල්ලවත්තෙ විශාල දෙමළ ප්‍රජාවක් සිටින අතර වතුකරයේත් සැලකිය යුතු දෙමළ ප්‍රජාවක් ජීවත් වෙනවා ඊට අමතරව රට ඇතුලත තව විසිරිලා දෙමළ ප්‍රජාවක් ජීවත් වෙනවා.මුස්ලිම් ප්‍රජාවත් දෙමළ සිනමාවත් එක්ක සම්බන්ධයි. ඉතින් එහෙම රටක අපි දන්න තරමින් අවසාන වරට දෙමළ ජාතිකයෙක් අතින් දෙමළ චිත්‍රපටියක් නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1982 වගේ කාලයක. දෙමළ චිත්‍රපටියක් අවසාන වශයෙන් නිෂ්පාදනය වෙලා තියෙන්නෙ සුනිල් සෝම පීරිස් විසින් 1992 වගේ කාලයක.ඒ චිත්‍රපටියෙන් පස්සෙ ලංකාවෙ දෙමළ සිනමාව කියන එක නැත්තටම නැතිවෙලා තියෙනවා.
නමුත් ඒ රික්තයට තිත තබමින් තව්තිසා පික්චර්ස් හි සභාපති මොහාන් පෙරේරා විසින් SSS (තෙළිගු/ දමිළ / කන්නඩා / මලයාලම් භාෂාවලින් ) චිත්‍රපටය දැවැන්ත අන්තර්ජාතික නිශ්පාදනයක් ලෙස ලාංකික රංගන ශිල්පින්ගේද සහභාගීත්වයෙන් හෙට සිට වැඩ අරභනවා..
මෙය ඉංදියාව ලංකාව කැනඩාව එංගලන්තය ඇතුලු රටවල් කිහිපයක එකවර ප්‍රදර්ශනය ඇරඹීමට කටයුතු සම්පාදනය වී ඇති අතර ජේ ආකාශ් අද්‍යක්ශනයෙන් හැඩව එම් නාසර්, විජය කුමාර්,දිව්‍යා,අක්ශිතා, Tamil Big Boss තරු, ඇතුළු ජනප්‍රිය දමිල තෙළිගු නළු නිලියන් පිරිසකගේ රංගනයෙන් සමන්විත වෙනවා..ගිහානි වීරසිංහ , ජීවන් කුමාරතුංග ප්‍රදානව, ශ්‍රී ලාංකීය තරු රැසක් මෙම නිර්මානය සදහා සහබාගී වනවා.
- All
- Gallery Item