T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇත.

එහි කණ්ඩායම් නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර, මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිට උපනායකත්වය හිමිව ඇත.

එමෙන්ම මෙම සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව සිටියි.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 18වනදා ආරම්භ වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 11වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව එහිදී මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව සමගින් ක්‍රීඩාකරනු ලබයි.

Related posts

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවන අදියර නොවැම්බරයේදී ඇරඹේ

‘සමප ෝෂ ළාත් ාසල් ක්‍රීඩා උපළල 2025’ 09 වන වරටත්

2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය