CID ප්‍රශ්න කිරීම් අතර නාමල්ගේ ලොකු අයියා අසාධ්‍ය තත්වයට පත් වෙලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා එහි ගිය විමල් වීරවංශ හදිසියේ වෛද්‍යවරයෙකු හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් පිටවී ගිය බව වාර්තා වේ.

ඊයේ (09) පෙරවරුවේ පැය එක හමාරක් පමණ ප්‍රකාශයක් ලබා දුන් අතර, ඔහු මෙසේ හදිසියේ පිටවී ගොස් තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය ජනවාරි මාසයේ දී මුදා හරින ලද බහලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට අයත් ව්‍යාපාරයට ගෙන්වූ බහලුම් බව විමල් වීරවංශ ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආණ්ඩුකාරවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබිණි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි