79 වැනි ඉන්දීය නිදහස් දිනය ලංකාවේදී සැමරේ

සටහන..අරුනඩෙල් විජේරත්න

79 වන ඉන්දීය නිදහස් දින සැමරුම කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී අද (15) පැවැත්වුණි.

මෙහිදී මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දීය ජාතික ධජය එසවූ අතර, මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය ජාතිකයන් රැසක් සහභාගී විය.

තවද, මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් ද විශේෂ නිදහස් දින සැමරුමක් සංවිධානය කර තිබිණ.

මේ අතර, මහ කොමසාරිස්වරයා ප්‍රමුඛ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදා විරුවන් වෙනුවෙන් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයේ දී සිය උපහාරය ද පුද කර තිබුණි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි