හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ අත්අඩංගුවට

මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඒ සමග කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය වන හරක් කටාගේ බිරියව හා දරුවාද එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලාවිත් තිබුණා.

ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳව මෙරට බුද්ධි අංශද අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය.

 

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි