සටහන..අරුනඩෙල් විජේරත්න
පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට තරමක් අනුරූපී වේ
පුරාණ බෙදීම් අනුව ලංකාව රුහුණු , මායා, පිහිටි වශයෙන් තුන් හෙළයයි. මෙයින් හත්කෝරළය අයත්වූයේ මායා රටටයි. මායා රටට අයත් රටවල් විසි නවයක් විය. සිරිලක් කඩයිම් පොතේ දැක්වෙන අන්දමට මායා රටේ විසිපස්වෙනි වැකියන රට කුරුණෑගල්බඩ රාජ්‍යයයි. අතීතයේ “කුරුකැටි නෑයෝ” විසූ හෙයින් කුරුණෑගල යන නම ඇතිවූ බව මතකයක් පවතී.
කුරුරටින් ආ නෑයින් විසූ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළය ලෙස හැඳින්වුවද
එදා සත්කෝරළය
වෑඋඩවිල්ලි හත්පත්තුව
හිරියාලේ හත්පත්තුව
දෙව්මැදි හත්පත්තුව
දඹදෙණි හත්පත්තුව
කටුගම්පල හත්පත්තුව
වන්නි හත්පත්තුව
දෙමළ හත්පත්තුව
යන පත්තු හයකින් සමන්විත විය. පත්තුව ,කෝරළය හෙවත් පළාතක කොටසකි. පත්තුවක් තුළ කුඩා කෝරළ විශාල සංඛ්‍යාවක් තිබූ බව පහත සඳහන් උදාහරණ වලින් පෙනේ. මෙයින් එක කෝරළයකට ගම් විශාල සංඛ්‍යාවක් අයිති විය.
කෝරළ බොහෝ ගණනක් ඇති නිසා මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ “ඇති කෝරළය” යන නමිනි. එය පෘතුගීසීන් විසින් “සැටි කෝරළය” ලෙසට වැරදි ලෙස උච්චාරණය කරතිබේ. සත් කෝරළය යන නම පටබැඳුනේ මෙරටට මුලින්ම පැමිණි පෘතුගීසීන්ගේ වරදින්ය. එම වරද දිගින් දිගටම යාම නිසා සිංහලයන් පවා මේ වැරැද්ද කළබව කුරුණෑගල නුවර විස්තරය පොතේ සඳහන්ව තිබේ. ඔවුන් “සළු කෝරළය” සැතිකෝරළය පසුව සැත් කෝරළය හත් කෝරළය ,අවසන එයට සත් කෝරළය යන නම ව්‍යවහාර කළ බවත්ය.
අලුත් කොරළය, පිටිගල් කෝරළය, කටුගම්පොළ කෝරළය, දේවමැදි කෝරළය, උඩපොළ කෝරළය, කුරුණෑගල් කෝරළය ,හිරියාල කෝරළය, මාදුරේ කෝරළය, විලි කෝරළය, මඟුල් කෝරළය
මෙහි කෝරළ 10 ක් තිබීණි.
.මුලින්ම කෝට්ටේ රාජ්‍යය සතුව පැවැති සත් කෝරළය පළමු වන රාජසිංහ රජුගෙන් පසුව උඩරට රාජ්‍යයේ කොටසක් බවට පත්විය. ශ්‍රී ලංකාද්වීයේ කඩඉම් පොත රචිත සමයේ දී මෙම ප්‍රදේශයට දඹදෙණි රට, දේවමැද්ද රට, කුරුණෑගල්බඩ රාජ්‍යය, විල්ලි දෙගම්බඩ, මිණිසර, නාරංවින්න යන ‘රට’ නමින් හැඳින්වූ ප්‍රදේශ අයිති විය.
පසුව මාතලේ දිසාව මහ දිසාවක් ලෙස සීමා පු`ඵල් කිරීමේදී සත් කෝරළයෙන් කොටසක් ද එයට එකතු කළ බව මාතලේ කඩඉම් පොත සඳහන් කරයි. සත් කෝරළය, හත් පත්තු වශයෙන් බෙදන ලද්දේ එයින් ද බොහෝ කාලයකට පසුව එනම් ක්‍රී.ව. 1836 දී ඉංග්‍රීසීන් විසිනි. 1881 දී කටුගම්පොළ හා දේව මැදි හත්පත්තුවලින් කොටසක් වෙන්කර දඹදෙණිය නමින් නව හත්පත්තුවක් නිර්මාණය කෙරිණි. මෙයින් හත් පත්තු හයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ද දෙමළ හත්පත්තුව පුත්තලම දිස්ත්‍රික්කයට ද අයත්වේ.
එම කොටස් පහත පරිදි විය.
1. වන්නි හාරිස්පත්තුව
මාඟුල් මැද, ගංදහය, මාඟුල් ඕතොට, හතළිස්පහ, කංතිහ, පහළණ විසිදෙක, මී ඔයෙන් එගොඩ කෝරළ
2. හරියාල හාරිස්පත්තුව
විසි දෙක පත්තුව, හැටහය පත්තුව, ඕතොට, පත්තුව තිත්තවැලි ගන් දහය පත්තුව, මහගල්බඩ, දිවිගන්දහය පත්තුව, නිකවාගම්පහ පත්තුව
3. වෑ උඩ විල්ලි හාරිස්පත්තුව
වෑඋඩ පත්තුව, ගන්නවය පත්තුව, දිවිගන්දහය පත්තුව, කුඩාගල්පොඩ පත්තුව, මාදුරේ පත්තුව, හේවා විස්ස පත්තුව, කිරගංදහය පත්තුව
4. දේවමැදි හාරිස්පත්තුව
මැදගන් දහය කෝරළේ, බලදොර කෝරළේ, උඩුකහ කෝරළේ, ගිරාතලන් කෝරළේ, වල්ගම් කෝරළේ, තිස්සව කෝරළේ
5. කටුගම්පොළ හාරිස්පත්තුව
කටුගම්පොළ, උඩුකහ, යටිකහ, මැද, යටිගම් කරඳ, පිටිගල්
6. දඹදෙණි හාරිස්පත්තුව
උඩපොල ඕතොට පත්තුව, උඩුගහ පත්තුව, මැදිසිය පත්තුව, රුංකා පත්තු, මයුරවැටි
7. දෙමළ හාරිස්පත්තුව
පණ්ඩිත පත්තුව, කුමාර වන්නි පත්තුව, පල්ලම් පත්තුව, පරවිලි පත්තුව, කරමේ පත්තුව, කිරිමැටිය පත්තුව, රාජවන්නි පත්තුව
එදා ඇති කෝරළය සත් කෝරළය වූයේ මෙලෙසයි