සොෆ්ට්ලොජික් හෝටල් අයිති සාමාගම් අධ්‍යක්ෂලාගේ බැංකු ගිනුම් අත්හිටුවලා!

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යටතේ ඇති හොටල් අයත් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ බැංකු ගිනුම් අත්හිටුවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදල (EPF) (Employees’ Provident Fund) සහ සේවක භාර අරමුදල (ETF) (Employees’ Trust Fund) වෙනුවෙන් බැර කළ යුතු මුදල් බැර නොකිරීම නිසාය.

සොෆ්ට්ලොජික් හොල්ඩිංග්ස් අනුබද්ධිත ප්‍රධානතම හෝටලය වන්නේ කාමර 119කින් සමන්විත කොළඹ පිහිටි කලින් Mövenpick Hotels & Resorts ලෙස ද වර්තමානයේ NH Collection Colombo Hotel ලෙස ද හදුන්වනු ලබන හෝටලයයි.

මීට අමතරව, සොෆ්ට්ලොජික් හොල්ඩිංග්ස් අනුබද්ධිත අනෙක් හෝටලය වන්නේ බෙන්තොට පිහිටි NH Bentota Ceysands Resort & Spa හෝටලයයි.

බෙන්තොට ගඟ සහ ඉන්දියන් සාගරය අතර පටු බිම් තීරුවක පිහිටි මෙම හෝටලය කාමර සහ සූට් 165 කින් සමන්විත එකකි.

ඉකුත් ආණ්ඩු සමයේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි සභාපති ධූරයද දැරූ අශෝක් පතිරගේ සොෆ්ට්ලොජික් හොල්ඩිංග්ස් හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරනු ලබයි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි