සේවක අර්ථසාධක අරමුදල් නොගෙවූ ආයතන 08කට එරෙහිව නඩු

සටහන…අරුන විජේරත්න

රුපියල් ලක්ෂ 173කට අධික මුදලක සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් පැහැර හැර ඇති ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

කොළඹ 07, වැල්ලම්පිටිය, ගොතටුව, බොරැල්ල සහ අංගොඩ යන ප්‍රදේශවල පිහිටි මෙම ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෙන් වෙන්ව නඩු ගොනු කර තිබේ.

මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් පවරන ලද මෙම නඩු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ ඉදිරියේදී කැඳවීමට නියමිතය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි