සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය

සටහන…….අරුනඩෙල් විජේරත්න

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඇප රහිත ණය දෙන බව පැවසූ විට පහුගිය කාලේ ඇතැමුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සිනාසුන නමුත් දැනටමත් රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600 ක් ඇප රහිත ණය වශයෙන් නිකුත් කර ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව තමා මීට අඳාළ දත්ත මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගත්තේ බව ද මන්ත්‍රීවරයා පවසයි.

එසේම මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන් කර ඇති බවත් ඉන් මෙම වසර සඳහා රුපියල් බිලියන හයක් වෙන් කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා ඇත්තේ විද්‍යුත් නාලිකාවක පැවැති දේශපාලන සංවාදයකදී අදහස් දක්වමින් බව වාර්තා වේ.

මේ අතර විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් ඇප රහිත ණය ලබා දෙන බැංකු මොනවාද යන්න එහිදී ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු මඟින් මෙම ණය නිකුත් කර ඇති බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහිදී එවැනි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් ගැන ප්‍රසිද්ධ කර නොමැති බව විමසුවද මන්ත්‍රීවරයා ඊට නිසි පිළිතුරක් ලබා දී නැත.

එහෙත් අඳාළ ණය යෝජනා ක්‍රමය කර්මාන්ත අමාත්‍යාංශය මාර්ගයෙන් දේශීය ව්‍යවසායකයන් වෙත නිකුත් කරනු ලැබුවක් බවද පැවසූ බව වාර්තා වෙයි.

 

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි