සුනඛයෙක් බෙල්ලෙන් එල්ලා මරයි

මාන්කුලම් පොලිස් වසමේ චෛත්‍යකුලම් ප්‍රදේශයේදී සුනඛයෙකුගේ ගෙළ කඹයකින් සිර කර එම සුනඛයා මරණයට පත් කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
මේ පිළිබඳව මාන්කුලම් පොලිසිය විසින් විර්මශන සිදු කර 2025.01.27 වන අද දින මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 48 ක් වන චෛත්‍යකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි
සැකකාරිය ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ ප්‍රතිපාදන සහ 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනතෙහි ප්‍රතිපාදන යටතේ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර