ෂකීබ්ගේ පන්දු යැවීමේ තහනම දිගුවෙයි

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ.

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය.

එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය.

ඒ හේතුවෙන් ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය.

මේ හේතුවෙන් ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී ඇත.

කෙසේ නමුත් එම පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වනබව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඊයේ (11) තහවුරු කළේය.

ඒ අනුව ෂකීබ්ට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් නැවත කිසිදු අවස්ථාවක පන්දු යැවීමට නොහැක.

එහෙත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.

Related posts

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවන අදියර නොවැම්බරයේදී ඇරඹේ

‘සමප ෝෂ ළාත් ාසල් ක්‍රීඩා උපළල 2025’ 09 වන වරටත්

2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය