ශූරයන්ගේ කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම්කිරීමට ලබාදී තිබු කාලය ඊයෙන් අවසන් වුණි.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වෙනිදා දක්වා පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතය.

තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශය සිය සංචිතය ඊයේ (12) නම් කළේය.

නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ලීටන් දාස් නම් කර නොමැත.

ඒ අවසන්වරට ඔහු ක්‍රීඩාකළ එක්දින ඉනිම් 13දීම එක් අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත්නොවීම නිසයි.

අවස්ථා 6කදී  ලීටන් දාස් තනි ඉලක්කම් ලකුණක් ලබාගෙන දැවීගොස් තිබේ.

ඒ අනුව ලීටන් දාස්ට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉඩ අහිමිව ඇත.

ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෂකීබ් අල් හසන්ද සංචිතයට නම් කර නොමැත.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් මත ඔහුගේ තහනමකට ලක්කර තිබීම නිසාය.

Related posts

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවන අදියර නොවැම්බරයේදී ඇරඹේ

‘සමප ෝෂ ළාත් ාසල් ක්‍රීඩා උපළල 2025’ 09 වන වරටත්

2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය