වැඩි මිලට වතුර විකිණූ පෝට් සිටියේ සමාගමකට දඩයක්

සටහන..අරුනඩෙල් විජේරත්න

බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ පුද්ගලික සමාගමකට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා ඇත.

අදාළ සමාගම රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (20) කැඳවීමෙන් අනතුරුව ඔවුන් සිය වරද පිළිගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් ජූලි 16වනදා අදාළ වෙළඳසැල පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ අවස්ථාවේ දී අදාළ වෙළෙඳසැල මගින් රුපියල් 70ක් ලෙස මිල සඳහන් කර තිබූ මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවිකර තිබේ.

2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70ක් ලෙස නියම කර ඇත. 

ඒ අනුව රු. 200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි