ලාෆ්ස් ගෑස් මිල මෙන්න

ලාෆ්ස් ගෑස් සමාගම විසින් මාසික මිල සංශෝධනයට අදාළව නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසන්නේ, 2025 ජුලි මාසය සඳහා ගෑස් මිලවල කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් ලෙසත් පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

මෙම මිල තීරණය රජයේ මිල පාලන යාන්ත්‍රණයට අනුකූලව සිදුකර ඇති අතර, පාරිභෝගිකයින්ට ස්ථාවර මිලකට ගෑස් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් සහතික කරන බව ආචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි