ලංකාවේ පාස්පෝට් එක ඉදිරියට එයි

සටහන…….අරුනඩෙල් විජේරත්න

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය මෙවර හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ අංක 96 සිට ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව 2025 වසර සඳහා වන එම දර්ශකයේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 91වැනි ස්ථානයේය. 

ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතින බවද එහි දැක්වේ.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෙම වසරේ රටවල් ශ්‍රේණිගත කරණු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුව වෙයි.

2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඉදිරියෙන්ම සිටින්නේ සිංගප්පූරුව වන අතර, අවසානයේම සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි. 

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි