රජයේ වනාන්තර හෙක්ටයාර 5711 රක්ෂිත බවට

සටහන-අරුනඩෙල් විජේරත්න

‘වනස්පති’ වනාන්තරරක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර16ක්පසුගියදා රක්ෂිත බවට පත්කිරීමටපරිසර අමාත්‍යංශය කටයුතු කර තිබේ. රක්සිත බවට පත්කෛරන එමරජයේ වනාන්තරවලවපසරිය හෙක්ටයාර5711.75 ක් පමණ වේ.

මොනරාගල, අම්පාර සහ මහනුවරදිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කෙරෙනුඇත.

මොනරාගලදිස්ත්‍රික්කයේ මොනරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත්- සියඹලාණ්ඩුව අඩවියේඅඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් නව රක්ෂිතලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේඅක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේවනාන්තර ද රක්ෂිත ලෙස ගැසට් කෙරෙන අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේරිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි