යුනිස් ඛාන්ට ඇෆ්ගනිස්තානයෙන් වගකීමක්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් පාකිස්තානයේ හිටපු නායකයෙකු වන යුනිස් ඛාන් පත්කර ඇත.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, ශූරයන්ගේ කුසලානයට පෙර පාකිස්තානයේදී පැවැත්වෙන පුහුණු කඳවුරේ සිට යූනිස් ඛාන් සිය කණ්ඩායම සමගින් එක්වන බවයි.

යුනිස් ඛාන් මීට පෙර 2022 වසරේදී ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අබුඩාබි හිදී 15ක පුහුණු කඳවුරක් පවත්වා ඇත.

පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

Related posts

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවන අදියර නොවැම්බරයේදී ඇරඹේ

‘සමප ෝෂ ළාත් ාසල් ක්‍රීඩා උපළල 2025’ 09 වන වරටත්

2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය