මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි