මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට හිරේ විලං­ගුවේ වැටුණු ලෝක රාජ්‍ය නාය­කයෝ…….

සටහන..අරුනඩෙල් විජේරත්න

මහ­ජන මුදල් අව­භා­වි­තය සම්බ­න්ධව එල්ල වූ චෝදනා මත අත්අ­ඩං­ගු­වට පත්වීම්, නඩු පැව­රීම් හෝ සිර දඬු­ව­ම්ව­ලට මුහුණ දුන් රාජ්‍ය නාය­කයෝ ලෝක දේශ­පා­ලන ඉති­හා­සයේ අප­මණ වෙති. ලොව ධන­වත් රට­වල් මෙන්ම තුන්වැනි ලෝකයේ රට­ව­ලද හිටපු රාජ්‍ය නාය­ක­යන් රැස­කට අත්වූ එම ඉර­ණම සම්බ­න්ධව ලෝක ඉති­හා­සයේ තොර­තුරු රැසකි. සිය පාලන කාලය තුළ අඩු­වැඩි වශ­යෙන් මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට හසුවී සිර­ද­ඬු­ව­මට මුහුණ දුන් රාජ්‍ය නාය­ක­යන් මෙන්ම නඩු විභාග හෝ සිර­ද­ඬු­ව­මට හසු නොවී නීතියේ රැහැ­නින් මිදී පලා ගිය රාජ්‍ය නාය­කයෝ ද වෙති. මේ අත­රින් වඩාත්ම කතා­බ­හට ලක්වූ ජාත්‍ය­න්තර දේශ­පා­ලන නාය­ක­යන් පිළි­බඳ තොර­තුරු සොයා බැලී­මකි මේ.

බලයේ සිටි කාලය තුළ මහ­ජන මුදල් අව­භා­වි­තය සම්බ­න්ධව චෝදනා එල්ල වූ ආසි­යා­තික රාජ්‍ය නාය­ක­යන් අතර පිලි­පී­නයේ ෆර්ඩි­නන්ඩ් මාකෝස් සහ ඉන්දු­නී­සි­යාවේ මොහො­මඩ් සුහර්තෝ කැපී පෙනේ. අති­වි­ශාල පවුල් ගසක් නඩත්තු කර­මින් අති­සු­ඛෝ­ප­භෝගී ජීවිත ගත කළ මේ දෙදෙ­නාම ඩොලර් බිලි­යන ගණ­නා­වක මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ සහ වංචා කිරීමේ චෝද­නා­ව­ලින් මඟ හැර යෑමට සම­ත්වීම ද කැපී පෙනේ. බලයේ සිට වසර 21ක කාලය ඇතු­ළත අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 10කට වැඩි මහ­ජන මුද­ලක් වංචා කළ පිලි­පී­නයේ මාකෝස් 1986 ජනතා අර­ග­ල­ය­කින් බල­යෙන් පහ කිරී­මෙන් පසු අමෙ­රි­කාවේ සහ­යෙන් හවායි දූප­තට පලා ගිය අතර, ඊට වසර තුන­හ­මා­ර­කට පසු ස්වභා­වික මර­ණ­ය­කට ගොදු­රු­ව­න­තුරු හවායි දූපතේ වාසය කිරීමෙන් නඩු විභා­ගය සහ සිර දඬු­වම් මඟ හැරී­මට සම­ත්විය. ඉන්දු­නී­සි­යාවේ රාජ්‍ය නාය­කයා ලෙස 1967 සිට 1998 දක්වා වසර 31ක කාල­යක් ඉන්දු­නී­සි­යාව පාල­නය කළ සුහර්තෝ අව­භා­විත කළ මහ­ජන මුදල් කන්ද­රාව ඩොලර් බිලි­යන 35ක් බවට ඇස්ත­මේන්තු කර තිබිණි. ධුර කාලය අව­සන් වීමෙන් වසර දෙක­කට පසු ඔහුට එරෙ­හිව ඩොලර් මිලි­යන 550ක මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝදනා මත නිවාස අඩ­ස්සි­යට පත්වූ සුහ­ර්තෝට එරෙ­හිව තවත් වසර දෙක­කට පසු ඩොලර් බිලි­යන 1.5ක තවත් නඩු­වක් පැවැ­රිණි. එහෙත් එව­කට 87 හැවි­රිදි වියෙහි පසුවූ සුහර්තෝ නඩු විභා­ගය අව­සන් වීමට පෙර රෝගා­තූ­රවී මෙලොව හැර යෑමෙන් ඉන්දු­නී­සි­යාවේ වඩාත්ම දූෂිත රාජ්‍ය නාය­ක­යාගේ ඉති­හා­ස­ග­ත­වී­මට නිය­මි­තව තිබූ සිර­ද­ඬු­වම වැළකී ගියේය.

එබැ­වින් මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ සහ කොල්ල­කෑමේ චෝද­නා­වට හසුවී සිර දඬු­වම් ලැබූ පළමු ආසි­යා­තික රාජ්‍ය නාය­කයා ලෙස ඉති­හා­ස­යට එක්වූයේ පිලි­පී­නයේ හිටපු ජනා­ධි­පති ජෝසෙෆ් එස්ට්‍රාඩා ය. වසර 1998 සිට 2001 දී බල­යෙන් නෙරපා දම­න­තුරු එරට ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ එස්ට්‍රාඩා අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 80ක මහ­ජන මුදල් කොල්ල­කෑමේ චෝද­නා­වට අත්අ­ඩං­ගු­වට පත්වූ අතර, පසුව 2007 වස­රේදී ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම විය. එවැනි චෝද­නා­ව­කට සිර දඬු­වම් ලැබූ පිලි­පී­නයේ පළමු ජනා­ධි­ප­ති­ව­රයා ලෙසත් ඔහු ඉති­හා­ස­යට එක්වූ අතර, බල­යෙන් නෙරපා දැමූ වසරේ සිට වසර 7කට වැඩි කාල­යක් රඳවා තබා ගැනී­මට සහ බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මුහුණ දුන් එස්ට්‍රාඩා පසුව ජනා­ධි­පති සමාව යටතේ නිද­හස ලැබීය.

වසර 1983 සිට 1990 දක්වා බංග්ලා­දේ­ශයේ හිටපු ජනා­ධි­පති හුසේන් මොහො­මඩ් එර්ෂාද්ට එව­කට මහ­ජන මුදල් අව­භා­වි­තය ඇතුළු චෝදනා රැසක්ම එල්ලවී තිබිණි. 1982දී හමුදා කුම­න්ත්‍ර­ණ­ය­කින් බංග්ලා­දේ­ශයේ බලය පැහැ­ර­ගත් හිටපු යුද හමු­දා­ප­ති­ව­රයා වූ මොහො­මඩ් එර්ෂාද් 1990 දී ජනා­ධි­පති ධුර­යෙන් ඉව­ත්වී­මෙන් පසු එම චෝදනා යටතේ වරින් වර සිර­භාර­යට පත්වූ අතර, අභ්‍ය­න්තර දේශ­පා­ලන ගිවි­සුම් සහ සෞඛ්‍ය තත්ත්වය මත ඔහුගේ සිර දඬු­වම් කාලය වසර 4කට පම­ණක් සීමා විය.

තායි­වා­නයේ හිටපු ජනා­ධි­පති චෙන් ෂූයි බියෑන් ද එවැ­නිම චෝද­නා­ව­කට හසුවූ සිර දඬු­වම් නිය­මවූ ආසි­යාවේ හිටපු තවත් රාජ්‍ය නාය­ක­යෙකි. වසර 2000 සිට 2008 දක්වා තායි­වා­නයේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ චෙන් ෂූයි බියෑන්ට 2009 වස­රේදී ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම වූයේ විශේෂ ජනා­ධී­පති අර­මු­දල් අව­භා­විත කිරීමේ සහ මුදල් විශු­ද්ධි­ක­රණ චෝද­නා­ව­ලට වර­ද­කරු වීම හේතු­වෙනි. ඔහුගේ සිර ­ද­ඬු­වම පසුව වසර 20ක සිර ­ද­ඬු­ව­මක් ලෙස සංශෝ­ධ­න­යට ලක්වූ අතර, පසුව සෞඛ්‍ය තත්ත්වය මත 2015දී නිද­හස් ලැබීය.

දකුණු කොරි­යාවේ හිටපු ජනා­ධි­පති ලී මියුංග් බක් මහ­ජන මුදල් අව­භා­වි­තය සම්බන්ධ චෝදනා මත සිර දඬු­වම් නියම වූ තුන්වැනි ආසි­යා­තික රාජ්‍ය නාය­කයා ලෙස ඉති­හා­ස­යට එක්වූයේ 2018 වස­රේ­දීය. 2008 සිට 2013 දක්වා කාල­සී­මාවේ දකුණු කොරි­යාවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී මියුංග් බක් එම චෝද­නා­ව­ලට වර­ද­කරු වී වසර 15ක සිර දඬු­වම් නියම වූ අතර, 2022 දෙසැ­ම්බ­ර­යේදී එව­කට ජනා­ධි­පති යූන් සුක් යෝල්ගේ විශේෂ සමාව යටතේ නිද­හස ලැබීය. වසර 2013 සිට 2017 දක්වා කාල­සී­මා­වේදී දකුණු කොරි­යාවේ හිටපු ජනා­ධි­ප­ති­නිය පාක් ජියුන් හයි ද අත්අ­ඩං­ගු­වට පත්වූයේ එවැ­නිම චෝදනා යට­තේය. දකුණු කොරි­යාවේ පළමු සහ එකම ජනා­ධි­ප­ති­නිය වූ ඇය 2017 වස­රේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ රාජ්‍ය මුදල් අව­භා­විත කිරීමේ සහ අල්ලස් ලබා­ගැ­නීමේ චෝදනා සම්බ­න්ධ­යෙනි. එම චෝද­නා­ව­ලට වර­ද­කරු වූ හිටපු ජනා­ධි­ප­ති­නි­යට වසර 25ක සිර දඬු­වම් නිය­මවූ අතර, පසුව 2021දී එව­කට දකුණු කොරි­යාවේ ජනා­ධි­ප­ති­ව­රයා වූ මූන් ජායි ඉන්ගේ විශේෂ සමාව යටතේ නිද­හස ලැබු­වාය.

මාල­දි­ව­යිනේ හිටපු ජනා­ධී­පති අබ්දුල්ලා යමින් අබ්දුල් ගයුම් 2019 වස­රේදී ඉති­සා­හ­යට එක්වූයේ මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වී සිර දඬු­වම් අත්වූ පළමු දකුණු ආසි­යා­තික රාජ්‍ය නාය­කයා ලෙසිනි. වසර 2013 සිට 2018 දක්වා කාල­සී­මා­වේදී එරට ජනා­ධී­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ අබ්දුල්ලා යමීන් රාජ්‍ය මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට 2019 වස­රේදී අත්අ­ඩං­ගු­වට පත්වූ අතර, වසර 5ක සිර ­ද­ඬු­ව­මක් සහ ඩොලර් මිලි­යන 5ක දඩ­යක් නියම විය. එහෙත් පසුව ඔහු විසින් යොමු කළ අභි­යා­ච­නා­වක් සැල­කි­ල්ලට ගත් එරට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය එම තීන්දුව ඉවත් කිරී­මට පිය­වර ගත් බැවින් වසර දෙක­කුත්, දින දෙකක සිර­ ද­ඬු­ව­ම­කින් පසු හිටපු ජනා­ධී­ප­ති­ව­රයා නිද­හස ලැබීය. ඊට වස­ර­කට පසු ඔහුට එරෙ­හිව මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ ද නඩු­වක් ගොනුවූ අතර, මාල­දි­ව­යිනේ අප­රාධ අධි­ක­ර­ණය විසින් වසර 11ක සිර­ද­ඬු­ව­මක් සහ ඩොලර් මිලි­යන 5ක දඩ මුද­ලක් නියම කරනු ලැබීය. මාෆුෂී බන්ධ­නා­ගා­රයේ සිර දඬු­වම් විඳි­මින් සිටි හිටපු ජනා­ධි­ප­ති­ව­රයා පසුව නිවාස අඩ­ස්සි­යට පත්කර තිබූ අතර, පසු­ගිය වසරේ අප්‍රේල් මාස­යේදී එරට මහා­ධි­ක­ර­ණය ඔහුගේ නඩු තීන්දුව ආපසු හැර­වී­මට පිය­වර ගනු ලැබුවේ එම තීන්දුව අසා­ධා­රණ බවට නිග­ම­නය කර­මිනි.

මීට අම­ත­රව දකුණු ආසි­යාවේ හිටපු රාජ්‍ය නාය­ක­යන් කිහි­ප­දෙ­න­කු­ටද සිර දඬු­වම් නියම කිරීමේ සිදු­වීම් රැසක් මෑත ඉති­හා­සයේ සඳ­හන් වී ඇති අතර, එම චෝදනා ගොනු කරනු ලැබුවේ මහ­ජන මුදල් අව­භා­වි­ත­යට නොව වෙනත් චෝදනා සම්බ­න්ධ­යෙනි.

වසර 2018 දී ලොව පුරා ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් පැනමා පත්‍රිකා අනා­ව­ර­ණ­ය­කට අනුව පාකි­ස්තා­නයේ හිටපු අග­මැති නවස් ෂරීෆ් මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ වසර 10ක සිර දඬු­වම් නිය­මවූ අතර, මාස කිහි­ප­යක් සිර­ග­තවී සිටි ඔහුට වෛද්‍ය ප්‍රති­කාර ලබා­ගැ­නී­මට ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය මගින් පිරි­නැමූ විශේ­ෂිත ඇප තීන්දුව ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් ලන්ඩන් නුව­රට ගිය හිටපු අග­මැ­ති­ව­රයා එහි නිත්‍ය පදිං­චි­ක­රු­වකු බවට පත්වූයේ නඩු තීන්දු­වට අභි­යෝග කර­මිනි. පසු­කා­ලී­නව ඔහු යළි පාකි­ස්තා­න­යට සේන්දු වූයේ ඉම්රාන් ඛාන් විශ්වා­ස­භාංග යෝජ­නා­ව­කින් අග­මැ­ති­ධු­ර­යෙන් නෙර­පී­මෙන් පසු ඔහුගේ සොහො­යුරු ශෙබාස් ෂරීෆ් එම ධුර­යට පත්වී­මෙන් පසු­වය. ඔහුගේ නඩු තීන්දුව ද අන­තු­රුව බල­ර­හිත කිරී­මට ශෙබාස් ෂරීෆ් කට­යුතු කර තිබිණි. පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් මේ වන ­විට වසර 34ක සිර දඬු­වම් විඳි­මින් සිටින්නේ මුදල් අව­භා­වි­තය හැර වෙනත් චෝදනා යට­තේය.

මීට අම­ත­රව මාල­දි­ව­යිනේ හිටපු ජනා­ධි­පති මයූ­මූන් අබ්දුල් ගයුම්ට ද මහ­ජන මුදල් අව­භා­වි­තය සම්බ­න්ධව චෝදනා එල්ල වූ අතර, 1978 වසරේ සිට 2008 දක්වා වසර 30ක කාල­යක් එරට ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ අබ්දුල් ගයුම් 2018 දී එරට සිදුවූ දේශ­පා­ලන අර්බු­දය මධ්‍යයේ අත්අ­ඩං­ගු­වට ගෙන මාස කිහි­ප­යක් රඳවා තැබී­මෙන් පසු නිද­හස් කරනු ලැබුවේ එම චෝදනා තහ­වුරු නොවීම හේතු­වෙනි.

මැලේ­සි­යාවේ හිටපු අග­මැති නජීබ් රසාක් ද මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝදනා මත වසර 6ක සිර­ද­ඬු­ව­ම­කට ලක්වී සිටින අතර, 2020දී ඔහුගේ නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් වසර 12ක සිර දඬු­වම් නියම වූවද, පසු­ගිය වස­රේදී එරට අධි­ක­ර­ණය එම දඬු­වම් කාල­සී­මාව වසර 6ක් දක්වා අවම කිරී­මට පිය­වර ගෙන තිබිණි. 2009 වසරේ සිට 2018 දක්වා කාලය තුල එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ නජීබ් රසාක්ට එල්ලවූ චෝද­නාව වූයේ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 10.6ක මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වකි.

රාජ්‍ය මුදල් අව­භා­විත කිරීමේ සහ කොල්ල­කෑමේ චෝද­නා­වට හසුවූ ලෝක රාජ්‍ය නාය­ක­යන් අතර වසර 2002 සිට 2014 දක්වා කාලය ඇතු­ළත යුක්රේ­නයේ අග­මැ­ති­ ධු­රයේ සහ ජනා­ධි­ප­ති­ ධු­රයේ කට­යුතු කළ රුසි­යානු හිත­වා­දි­යකු වූ වික්ටර් යැනු­කො­විච් කැපී පෙනේ. ඔහු විසින් සිය බලය භාවිත කර­මින් සොරා­ගත් මහ­ජන මුදල් කන්ද­රාව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5ක් බවට තක්සේරු කර ඇති අතර, 2014 වස­රේදී ඔහුට එරෙ­හිව යුක්රේන පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් වූ දෝෂා­භි­යෝ­ග­යෙන් පරා­ජ­යට පත්වී­මත් සමඟ රුසි­යා­වට පලා යෑමෙන් නඩු පැවැ­රී­මෙන් සහ සිර­ ද­ඬු­ව­මට ලක්වී­මෙන් මඟ­හැ­රී­මට සමත්වී තිබිණි.

මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට අවස්ථා දෙක­කදී වර­ද­කරු වූ ක්‍රොඒ­ෂි­යාවේ හිටපු අග­මැති අයිවෝ සැන­ඩර් වසර 10ක සිර දඬු­වම් නිය­මවූ අතර, ඔහු විසින් අව­භා­විත කළ මහ­ජන මුදල් ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 10.4ක් බව කියැවේ. 2003 වසරේ සිට 2009 දක්වා කාල­යේදි ක්‍රොඒ­ෂි­යාවේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අයිවෝ සැන­ඩර් 2012දී සහ 2018 දී එම චෝද­නා­වට හසුවූ අතර, 2012දී පන­වනු ලැබූ වසර 10ක සිර­ ද­ඬු­වම පසුව වසර අට­හ­මාර දක්වා සීමා කර තිබූ අතර, 2015දී එරට ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය එම සිර ­ද­ඬු­වම අව­ලංගු කිරීමට පිය­වර ගත්තේය. එහෙත් පසු­කා­ලී­නව 2018 දී ඔහුගේ නඩු විභා­ගය නැවත කැඳ­වී­මෙන් පසු ඔහුට වසර දෙක­හ­මා­රක සිර දඬු­වම් නියම වී තිබිණි.

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14ක මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­ව­කට අත්අ­ඩං­ගු­වට පත්වූ පැපුවා නිව්ගි­නියා රාජ්‍යයේ හිටපු අග­මැති පීටර් ඕ නීල්ගේ නඩු විභා­ගය මෙතෙක් නිමා­වට පත්වී නොමැත. 2011 වසරේ සිට 2019 වසර දක්වා කාල­යේදී එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ පීටර් ඕ නීල් අත්අ­ඩං­ගු­වට පත්වූයේ 2020 වස­රේ­දීය.

සුඩා­නයේ හිටපු ජනා­ධී­පති ඔමාර් අල් බෂීර් ද මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට හසුවූ තවත් රාජ්‍ය නාය­ක­යෙකි. හෙතෙම 1989 සිට 2019 දක්වා දශක 3ක දීර්ඝ කාල­ප­රි­ච්ඡේ­ද­යක් සුඩා­නයේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ 81 හැවි­රිදි හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මහ­ජන මුදල් අව­භා­විත කිරීමේ චෝද­නා­වට ලක්වූයේ 2019 වස­රේ­දිය. එම වසරේ අප්‍රේල් මාස­යේදී සුඩා­නයේ ජනතා විරෝ­ධය මධ්‍යයේ ඔහු බල­යෙන් ඉව­ත්වී­මට සිදු­වූයේ කෝටි ප්‍රකෝටි ගණ­නා­වක විදේ­ශීය මුදල් ඔහුගේ නිවෙ­සින් සොයා ගැනී­මත් සම­ඟය. එරට බල­ධා­රීන් විසින් සොයා ගනු ලැබූ එම මුදල් තොග­යට පවුම් මිලි­යන 6.9ක් ද, අමෙ­රි­කානු ඩොලර් තුන්ලක්ෂ පන­ස්ද­හ­සක් ද, සුඩාන පවුම් මිලි­යන 5.7ක් ද ඇතු­ළත් වූ අතර, එම මුදල් තොගය සෞදි අරා­බියේ රාජ­කීය පවු­ලෙන් ලැබුණු බව ඔහු අධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කර තිබිණි.

එම වසරේ අගෝ­ස්තු­වේදී ඔහුට එරෙ­හිව විදේ­ශීය මුදල් ළඟ තබා ගැනීම සහ දූෂණ වංචා යටතේ නඩු පවරා තිබූ අතර, එම වස­රේ­දිම දෙසැ­ම්බ­ර­යේදී රාජ්‍ය මුදල් අව­භා­විත කිරීමේ චෝදනා ගොනු කර තිබිණි. නඩු විභා­ග­යෙන් පසු ඔහුට වසර දෙකක සිර දඬු­වම් නිය­මවූ අතර, ඒ වන­විට ඔහු 75 හැවි­රිදි වියෙහි පසුවූ බැවින් එම සිර දඬු­වම් කාලය පුන­රු­ත්තා­පන මධ්‍ය­ස්ථා­න­යක ගත කිරී­මට අව­ස්ථාව හිමි­වූයේ එරට ව්‍යව­ස්ථා­වට අනුව අවු­රුදු 70න් ඉහළ කිසිදු පුද්ග­ල­යකු බන්ධ­නා­ගා­ර­ගත කිරීමට අව­සර නොමැති බැවිනි.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි