දොම්පේ අජිත් මදුරප්පෙරුම මහතාගේ ලිපියක් ඇසුරෙනි
සටහන..අරුනඩෙල් විජේරත්න
පෘතුගීසීන් මෙරටට පැමිණි කාලය සම්බන්ධව දැක්වෙන මූලාශ්‍රවල විවිධ මත පළ වී තිබේ. ඉන් පළමු වැන්න වන්නේ අට වැනි වීර පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී පෘතුගීසීන් ලංකාවට පැමිණි බවයි. දෙවැන්න වන්නේ නව වැනි ධර්ම පරාක්‍රමබාහු රජ සමයේදී බවය. අටවන වීරපරාක්‍රමබාහු රාජ්‍ය සමය 1484 – 1508 බව ඉයර් නොඩ්රිව්ටච් මතයයි. පරණවිතාන මතය අනුව ධර්මපරාක්‍රම බාහු රජ සමය 1491 – 1513 සමයයි.
අට වැනි වීරපරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය කළ සමයේ රෝගාතුර වීම නිසා ඔහුගේ ජ්‍යෙෂ්‍ඨ පුත්‍රයා වූ නව වැනි ධර්ම පරාක්‍රමබාහු රාජු කෝට්ටේ රාජ්‍යය මෙහෙයවීය. මේ අතර අට වැනි වීර පරාක්‍රමබාහු රාජ්‍යයේ සිටියදීම ඔහුගේ පුත්‍රයන් කෝට්ටේ රාජ්‍යයේ කොටස් පාලනය කළ බවද සඳහන්ය. මේ නිසා පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට අට වැනි වීර පරාක්‍රමබාහු රජතුමා මහලුවියේ පසු වූ අතර නව වැනි ධර්ම පරාක්‍රමාබහු කෝට්ටේ රජ මාලිගයේ ක්‍රීයාකාරීව පාලන කටයුතු සිදු කළේය. ඒ අනුව පෘතුගීසීන් කොළඹට ගොඩබැසීම මේ රජවරුන් දෙදෙනාගේම කාලයේ සිදු වූ බව නිගමනය කිරීම වඩාත් නිවැරදිය.
පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි.
කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 – 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය.
ඩී.ඩබ්ලිව්. පර්ගියුසන්ගේ අදහස වන්නේ පෘතුගීසීන් පැමිණියේ 1505 සැප්තැම්බර් මාසයේදී බවයි.
පෘතුගීසීන් මෙරට පැමිණෙන විට එකිනෙකට වෙනස් වූ ආර්ථික හා දේශපාලන වැදගත්කමින් යුත් රාජ්‍ය තුනක් එහි තිබිණි. දෙමළ ජනයා වාසය කළ යාපනය රාජ්‍ය උතුරෙන් විය. ඔවුහු ජාතිය, භාෂාව, සිරිත් විරිත් හා ආගම අතින් ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හි විසු සිංහලයන්ගෙන් බොහෝදුරට වෙනස් වූ ජනතාවක් වූහ.
රටේ අනෙකුත් ප්‍රදේශ සසඳන විට යාපනය සාරවත් ප්‍රදේශයක් නොවීය. බොහෝ දෙනෙකුට ප්‍රිය වූ කුරුඳු වගාව යාපනයේ නොවීය. මීළඟට ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි රාජ්‍යය මහනුවර විය. පෘතුගීසීන් මෙහි පැමිණි සමයේදී මහනුවර රාජ්‍යය ලංකාවේ දේශපාලන කටයුතු අතින් වැදගත් සාධකයක් බවට පත් වෙමින් තිබිණි. අනෙක් රාජ්‍ය්‍ය වූයේ කෝට්ටේ ය.
පෘතුගීසීන්ට මුලින්ම මුණගැසුණේ කෝට්ටේ පාලකයාය. පෘතුගීසීන්ගේ යුද්ධ බලය දැක බියට පත් වූ කෝට්ටේ රජු 1518 දී පෘතුගීසීන්ට කොළඹ බළකොටුව ඉදිකිරීම සඳහා අවසර දුන්නේය. එපමණක් නොව පෘතුගාලයේ රජතුමාට කප්පම් ගෙවීමට ද පොරොන්දු වූයේය. පෘතුගීසින්ට බළකොටුවක් ඉදි කිරීමට අවසර දීමෙන් සැබැවින්ම අට වැනි වීර පරාක්‍රමබාහු රජු සීමාව ඉක්මවා ක්‍රියා කළ බව මහ ජනයාට දැනිණි. 1518 දී වයෝවෘද්ධ තත්ත්ත්වයේ සිටි රජු තවත් දීර්ඝ කාලයක් ජීවත් වන්නේ යැයි කෝපයට පත් වූ ඔහුගේ පුත් වියජබාහු විසින් රජුට වසදී මරණයට පත් කළ බව ක්වේරෝස් සඳහන් කරයි.
ජනතා විරෝධය බලවත් ලෙස එල්ල වූයේ මල්වානේ රජතුමාගේ කෘෘර පාලනයට එරෙහිවය. සියලු වැසියෝ මල්වානේ රජුට දණ නමා නමස්කාර කළ යුතු වූ අතර රජුගේ සතුට උදෙසා බොහෝ දේ කරන්නට සාමාන්‍ය වැසියාට සිදු විය. රූමත් තරුණියන් පවා මල්වානේ රජුගේ සතුට වෙනුවෙන් පූජා කිරීමට ද ඇතැමෙකුට සිදු විය. මල්වානේ රජුගේ මෙම ක්‍රියාවන්ට එරෙහි වූවන් රාජද්‍රෝහීන් ලෙස සැලකිණි. වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් පවා කපා කොටා මරා පහුරු ඔයට විසි කළ බවද කියැවේ. අසවේදු හෙවත් මල්වානේ රජු විසින් සිංහලයින්ට එරෙහිව සිදු කරන මෙම සංහාරය කන්ද උඩරට රජු ඇතුළු රටේ සියලු මිනිසුන් අතර පැතිර ගියේය.
1603 ජනවාරි මාසයේදී මල්වානේ රජ්ජුවෝ වූ අසවේදු තම සේනාව සමග අත්තනගල්ල දොරවක මැණික් කඩවර හා අට්ටාපිටිය පසු කරමින් ගමන් කළේය. ඊට පෘතුගීසි සෙබළුන් 1101 ක් හා ලස්කිරිඤ්ඤා භටයෝද සහභාගී වූහ. පෘතුගීසීන් හා විමලධර්මසූරිය රජුගේ සේනාව අතර කන්ද උඩරට බලන ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වෙද්දී සිංහල ජනතාව මල්වාන බළකොටුවට ප්‍රහාරයක් එල්ල කළහ. ඒ වන විට මල්වාන බළකොටුව භාරව සිට ඇත්තේ බණ්ඩියරාල නමැත්තෙකි. ඔහු තම බළකොටුවේ ආරක්ෂාව පිණිස බළකොටුවට යතුරු ලා යතුරු කැරැල්ල කැලණි ගඟට විසි කළ බව කියැ වේ.ෙකෙස් වෙතත් මල්වාන බළෙකාටුව ගිනි තබා විනාශ කළ සිංහල පිරිස් විසින් එහි සිටි පෘතුගීසීහු 38 ක් මරා දමනු ලැබිණ.
මියගිය පිරිස අතර ජෙරනිමෝ ෆර්ඩිනැන්ඩස් නමැති පෘතුගීසි පූජකවරයෙකු හා විශ්‍රාමික පාතුගීසී කපිතාන්වරු 08 ක් ද සිටි බව කියැවේ. අසවේදු යලි මල්වානට එද්දී බළකොටුවෙන් කොටසක් දැවී අළු වී ගොස් තිබිණි. පසුව ඔහු මහත් පරිශ්‍රමයක් දරා බළකොටුව යළිත් ප්‍රතිසංස්කරණය කළේය.
මෙම ප්‍රහාරයෙන් පසුව මල්වානේ රජු විසින් බළකොටුවේ හා තමාගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කළේය. බළකොටුවේ ආරක්ෂාව සඳහා යොදන ආරක්ෂක සෙබළුන් සංඛ්‍යාවද වැඩි කෙළ්ය. බළෙකාටුවට නුදුරින් රෝසපානි ගල්තලාව මත සිට ආරක්ෂකයින් රැසක් රජුගේ මාලිගාවට ආරක්ෂාව සැපයීය. එම ගල් තලාවට බළකොටුවත් මාලිගයත් හොඳින් දර්ශනය වූ අතර අසවේදුගේ නියෝගය මත රෝසපානි ගල්තලා මත පහනක් දල්වන ලදි. එම පහන නිවෙන්නට නොදී අඛණ්ඩව දැල්විය යුතු වූ අතර පහන නිවී තිබීම තම ආරක්ෂාවට හා තම ජීවිතයට බරපතළ අවදානමක් ඇති වන බව අසවේදු විශ්වාස කළේය. මාලිගාවේ ජනේලයෙන් නිතරම එම පහන දැල් වී ඇති දැයි රාත්‍රියට අසවේදු නිරික්ෂණය කළේය. එම පහන නිවී තිබීම ආරක්ෂකයින්ගේ ජීවිතය අහිමිවීමට හේතු වන බව සැලකුණු නිසා එකල රෝසපානි ගල මත රාත්‍රියට අඛණ්ඩව පහන දැල්වෙමින් පැවැති බවද කියැවේ
ජනතා විරෝධය බලවත් ලෙස එල්ල වූයේ මල්වානේ රජතුමාගේ කෘෘර පාලනයට එරෙහිවය. සියලු වැසියෝ මල්වානේ රජුට දණ නමා නමස්කාර කළ යුතු වූ අතර රජුගේ සතුට උදෙසා බොහෝ දේ කරන්නට සාමාන්‍ය වැසියාට සිදු විය. රූමත් තරුණියන් පවා මල්වානේ රජුගේ සතුට වෙනුවෙන් පූජා කිරීමට ද ඇතැමෙකුට සිදු විය. මල්වානේ රජුගේ මෙම ක්‍රියාවන්ට එරෙහි වූවන් රාජද්‍රෝහීන් ලෙස සැලකිණි. වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් පවා කපා කොටා මරා පහුරු ඔයට විසි කළ බවද කියැවේ. අසවේදු හෙවත් මල්වානේ රජු විසින් සිංහලයින්ට එරෙහිව සිදු කරන මෙම සංහාරය කන්ද උඩරට රජු ඇතුළු රටේ සියලු මිනිසුන් අතර පැතිර ගියේය.
1603 ජනවාරි මාසයේදී මල්වානේ රජ්ජුවෝ වූ අසවේදු තම සේනාව සමග අත්තනගල්ල දොරවක මැණික් කඩවර හා අට්ටාපිටිය පසු කරමින් ගමන් කළේය. ඊට පෘතුගීසි සෙබළුන් 1101 ක් හා ලස්කිරිඤ්ඤා භටයෝද සහභාගී වූහ. පෘතුගීසීන් හා විමලධර්මසූරිය රජුගේ සේනාව අතර කන්ද උඩරට බලන ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වෙද්දී සිංහල ජනතාව මල්වාන බළකොටුවට ප්‍රහාරයක් එල්ල කළහ. ඒ වන විට මල්වාන බළකොටුව භාරව සිට ඇත්තේ බණ්ඩියරාල නමැත්තෙකි. ඔහු තම බළකොටුවේ ආරක්ෂාව පිණිස බළකොටුවට යතුරු ලා යතුරු කැරැල්ල කැලණි ගඟට විසි කළ බව කියැ වේ.
ෙකෙස් වෙතත් මල්වාන බළෙකාටුව ගිනි තබා විනාශ කළ සිංහල පිරිස් විසින් එහි සිටි පෘතුගීසීහු 38 ක් මරා දමනු ලැබිණ.