පොහොර තොග සඟවන වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්


පොහොර තොග සඟවන වෙළෙන්දන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි .

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවය.

එහෙත් ඇතමුන් මෙරට පොහොර හිඟයක් මවා පෑමට උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ යූරියා පොහොර තවත් ප්‍රමාණයක් යළ කන්නය සඳහා අවශ්‍ය බවය.

එම අවශ්‍ය පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් ප්‍රමාණයද මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි 

.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි