පාස්කු ප්‍රහාරයේ ඇඟ හිරිවැටෙන කතා රැසක් ශානක්‍යන් එළියට අදී

 

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ වත්මන් රජයට මානව හිමිකම් උල්ලංඝනයන් හා පාස්කු වැනි බරපතල සිදුවීම් විමර්ශනය කිරීමට ශක්තිමත් ජනවරමක් ලබා ඇති බවයි.

එබැවින්, මෙවැනි සිදුවීම්වල සත්‍යතාව හෙළිදරව් කිරීමට සහ යුක්තිය ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුවට පැහැදිලි යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එසේම, වසර හයකට වැඩි කාලයක් තිස්සේ මෙම විමර්ශන සිදුවුවත්, වත්මන් රජය විසින් මෙතෙක් පැහැදිලි වාර්තා ඉදිරිපත් කර නොමැති බවට ඔහු ප්‍රශ්න කර සිටියේය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි