හැටන් සිට තලවකැලේ, සෙන්ක්ලෙයාර් දක්වා ඇති වෝට් 33,000 විදුලි රැහැන් පද්ධතියක් මතට විශාල ගසක් වැටී ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ.
මේ හේතුවෙන් විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය.
අයහපත් කාලගුණය නිසා කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමට බාධා පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සටහන…….අරුනඩෙල් විජේරත්න