පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීම ඉදිරි සති දෙක තුළ.

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් මෙම කොට්ඨාස ස්ථානය කරන බවයි.
එම කොට්ඨාස පිහිටුවීම ඉදිරි සති දෙක ඇතුළත සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ අදාළ කොට්ඨාස වෙත නිලධාරීන් අනුයුක්ත කිරීම සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.
මේ වනවිට දකුණු හා බස්නාහිර පළාත්වල එවැනි කොට්ඨාස පිහිටුවා අවසන්.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මෙම කොට්ඨාසවල සක්‍රීය දායකත්වයක් ලබා ගැනෙනු ඇත.
පොලිසිය පැවසුවේ, මෙම අපරාධ කොට්ඨාස හරහා පාතාල අපරාධ ක්‍රියා සමීපව අධ්‍යයනය කර ඒවා මර්දනයට කඩිනමින් පියවර ගන්නා බවයි.
මේ අතර වෙඩි තැබීම් බහුල වශයෙන් වාර්තාවන ප්‍රදේශ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කර ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් කුඩා කණ්ඩායම් වශයෙන් හඳුනාගත් පොලිස් ස්ථානවල ස්ථානගත කර ඇති බවයි.

Related posts

Terror groups on the catwalk – කැක්ටෝක් එකේ ත්‍රස්ත කණ්ඩායම්…

ශ්‍රී ලංකාවේ අපරාධ පිළිබඳව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉදිරිපත් කළ දත්ත….

ඩයනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග!