නිධන් හෑරූ DIG බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්

නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.

ඒ ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

අනුරාධපුර ශ්‍රාවස්ති පුර තිඹිරිගස්කඩවල දේවාලයක ඊයේ(14) උදෑසන නිධන් හාරමින් සිටි බවට අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

නිධන් හෑරීමට භාවිතා කළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගත් බව පොලීසිය සදහන් කළේ ය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි