නාරහේන්පිට පොලිස් ගරාජයට හොරු පැනලා

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ප්‍රධාන ගරාජයේ තබා තිබූ ආරක්ෂක හිස් වැසුම් හා බැටරි තොගයක් සොරකම් කිරීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ රුපියල් 15,000/= ක් වටිනා ආරක්ෂක හිස් වැසුම් 3 ක් හා රුපියල් 12,000/= ක් වටිනා පාවිච්චියෙන් ඉවත් කරන කරන ලද යතුරුපැදි බැටරි 12 කි.

මෙම සොරකම පසුගිය 25 වැනිදාත් 28 වැනිදාත් අතර කාලය තුළ සිදුව ඇතැයි සැකකෙරේ.

සොරකම සිදුකළ පුද්ගලයන් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ කාර්යාංශයේ පිටුපස කාමරයේ රාක්කයේ රඳවා තිබූ මෙම ආරක්ෂක හිස් වැසුම් වහලයත් බිත්තියත් අතර ඇති හිඩැසින් සොරකම් කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙසම පාවිච්චි කරන ලද යතුරුපැදි බැටරි ප්‍රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ බැටරි ගබඩා කර තිබූ ගබඩාවේ යකඩ දැල කපා ඒ තුළින් සොරාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී ඇත.

ආරක්ෂක හිස්වැසුම් සොරකම සම්බන්ධයෙන් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත යාන්ත්‍රික පොලිස් සැරයන් 8058 මංගල නිලධාරියා විසින් ද බැටරි සොරකම සම්බන්ධයෙන් යාන්ත්‍රික පොලිස් සැරයන් 9410 කේ. පී. ආර් කුමාර නිලධාරියා විසින් පැමිණිලි සිදු කර ඇත.

සොරකමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මූලාශ්‍රය – අරුණ

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි