තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඉක්බාල් එලෙස සිය සමුගැනීම නිවේදනය කළේ දෙවැනි වරටය.

35 හැවිරිදි තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් තමා තවදුටත් ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩා කරන බව නිවේදනය කර තිබුණි.

තමීම් මෙලෙස සිය තීරණය වෙනස් කළේ බංග්ලාදේශ අගමැති මැදිහත්වී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරන මෙන් කළ ඉල්ලීමත් සමඟය.

ඉන්පසු තරග වෙනුවෙන් එක්වු තමීම් නැවතත් මෙලෙස සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ඔහුගෙන් මෙම ඉල්ලීම පිළිබඳ නැවත සිතා බලන්න යැයි පවසා තිබේ.

නමුත් තමීම් තම තීරණය වෙනස් නොකරන බව සඳහන් කරයි.

තමීම් ඉක්බාල් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට්,එක්දින සහ 20යි 20 තරග 391කට ක්‍රීඩාකර ඇති අතර ලකුණු සංඛ්‍යාව 15,249කි.

තමීම් ඉක්බාල්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන්වනතුරු හෝ කණ්ඩායමේ රැඳීසිටින ලෙසය.

න්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ.

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය.

එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය.

ඒ හේතුවෙන් ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් විය.

මේ හේතුවෙන් ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී ඇත.

කෙසේ නමුත් එම පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වනබව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඊයේ (11) තහවුරු කළේය.

ඒ අනුව ෂකීබ්ට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් නැවත කිසිදු අවස්ථාවක පන්දු යැවීමට නොහැක.

එහෙත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට කිසිදු බාධාවක් නොමැත.

Related posts

පැරිස් ඔලිම්පික් ඉවර වෙලා මාස 4යි. පට්ට වටිනවා කිව්ව පදක්කම්වල පාට වෙනස් වෙයි

යුනිස් ඛාන්ට ඇෆ්ගනිස්තානයෙන් වගකීමක්

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්