ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

සටහන..අරුනඩෙල් විජේරත්න

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඇය අදදින (25) අධිකරණයට ඉදිරිපත් වී ඇත.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කල තීරණයකට අනුවය.

තම නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර ඇත.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසිනි. මෙලෙස වරෙන්තු නිකුත් කිරිමර හේතුව වී ඇත්තේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි. 

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි