ජොන්ස්ටන්ට ‍එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග


හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව අද (23) විභාගයට ගත් අතර, එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්නගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න වීමසීම සිදුකර තිබෙනවා.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි