ගුප්ත රථයේ සිදුවීම

සටහන.. ජයසිංහ වීරසේකර

කලකට පෙර කුරුණෑගල මස්පොත ප්‍රදේශයේ පාලු භූමියක එකතැන්ව තිබූ, අතීතයේ ලොකු දුක්බර කතාවක් සඟවාගෙන අදටත් වසර ගනනාවකින් ධාවනය නොවී සැඳෑසමය දුක්බරව ගෙවා දමන Plymouth station wagon රථයකි, මේ කාර් එකේ ඒ අතීත දුක්බර කතාව දන්න කට්ටියත් ඇති බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම මත මම එය නැවත පළකරමි..

මෙම මොටර් රථයේ ප්‍රථම අයිතිකරු වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දොස්තර සොයිසා…ඔහුව පසුකාලීනව කැලැත්තෑවේ සොයිසා නමින් ප්‍රසිද්ධ විය.ඒයට හේතුව වන්නේ ප්‍රසිද්ධ කැලැත්තෑවේ නඩුව යි.ඔහුට හිමි නිවාස අතරින් එක් නිවාසයක් පිහිටා තිබුණේ කදානේ නාගොඩ ප්‍රදේශයේ ය.මෙම නිවසේ වටිනා කියන යාන්ත්‍රොපකරණ රාශියක් දිරාපත් විය.දොස්තර සොයිසා ගෙන් මෙම රථය මීලදී ගෙන පසුව එය අවමඟුල් රථයක් ලෙස සේවයට කාලයක් යොදවා තිබුණේ Western මල්ශාලාවේ අයිතිකරු වූ සයිමන් මුදලාලි මහතාය.ඔහුගෙන් පසු මෙම රථය මිලට ගනු ලැබුවේ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකි .ඉන්පසු ඔහුද මෙම රථය කුරුණෑගල ප්‍රදේශයට විකුනා ඇත.පසුව

එය මිලදීගත් අයිතිකරු විසින් එය අලුත්වැඩියා කරගන යන අතරතුර සිදුවූ විස්තර දාමයකි…

අත්භූත සිදුවීම තමයි ඔකේ අයිති එක්කෙනා කාර් එකට ගොඩක් ආදරෙන් ඉදලා තියෙන්නේ එයා කාර් එක ඇතුලේ මැරිලා තියෙන්නේ හදිසි හෘදයාබාධයක් නිසා..

කොහොම හරි එයා මැරුනට පස්සේ කාර් එක ගෙදර පැත්තක දාලා තිබිලා තියනවා ,කාර් එකේ අයිති කාරයා මැරිලා හරියටම හත්දවසෙ දානේ දවසේ ඔය කාර් එකේ ලයිට් පත්තු වෙලා කාර් එකේ වීදුරු පුපුරලා තියනවා, ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේ එම පාලු භූමියේ ඔය කාර් එක ආසන්නයේ කිසියම් අයෙක් සිටගන බලා සිටිනවාද කිහිපදෙනෙකු දැක තිබේ..ඉන් පසු ඒ ගෙදර කට්ටිය කාර් එක එහෙම දාලා වෙන ගෙදරක පදිංචි වී ඇත.. නමුත් ඒ අහල පහල මිනිස්සුත් බය වෙලා තියනවා මේ වාහනය ආශ්‍රිතව සිදුවු යම් දේවල් නිසාම..මිනිස්සු කියන්නේ ඒ කාර් එකේ අයිති කාරය කාර් එක ඇතුලේ ඉදන් ඉන්නවා ගමේ මිනිස්සු දැකා තියනවා කියලා ඔය කාර් එක ගන්න බලන්න කට්ටිය ඇවිත් තියන්වා ඒත් ඒ කතාව ආරංචි උනාම අරගන නෑ ඒකයි කාර් එක අවුරුදු 15/20ක් විතර ඒ පාලු ගේ ගාව තිබිලා තියෙන්නේ

මේ සිදුවීම් නිසා මෙය කලක් එක්තැන් විය..මෙය face book සහ you tube හරහා ප්‍රසිද්ධ වූ පසු එක් පුද්ගලයෙක් මෙය එකල මිය ගිය අයිතිකරු ගේ පවුලේ අයගෙන් මිලදී ගෙන ගොස් ගරාජයකට යොමුකර මාස කීපයක් අලුත්වැඩියා කටයුතු කරගන ගිය අතර ඔහුටද යම් බාධා ගැටලු ඇති වූ නිසා, ඔහුද මෙම රථය තවත් අයෙකුට විකුණා දමා ඇත..ඉන්පසු මෙම රථයට කුමක් වූවාදැයි කිසිවෙකු නොදනී..ඇතැම්විට මෙය තවමත් ගරාජයක හෝ පාලු ඉඩමක ගුප්ත අයුරින් යුතුව එක්තැන්වී දිරායනවා විය හැක..

කතාව සම්පූර්ණ පළ කිරීමට සියලු සත්‍ය විස්තර අපහට ලබාදුන් මිතුරන් සියලන්ටම හදපිරි ස්තූතිය….

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර