ගැසට්ටුවක් නිසා ආනයන කළ මෝටර් රථ කොළඹ සහ හම්බන්තොට වරායවල සිරවේ


ආනයනය කළ මෝටර් රථ 700 ත් 1000 ත් අතර ප්‍රමාණයක් කොළඹ සහ හම්බන්තොට වරායන් තුළ මේ වන විට සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ හිරු ප්‍රවෘත්ති සමග සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ ආනයන සහ අපනයන රෙගුලාසි යටතේ 2013 වසරේ අප්‍රේල් මස 03 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ පවතින ගැටලු‍ මීට හේතු වී ඇති බවයි. 

මේ අතර, වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා යතුරුපැදි ඇතුලු වාහන 73,400ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කළා. 

ඔහු සදහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 58,947 ක් බවයි. 

ඊට අමතරව මෝටර් රථ 7,500 ක් සහ ත්‍රිරෝද රථ 1,666 ක් ද ලියාපදිංචි කර තිබෙනවා. 

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ පසුගිය මාසයේ දී බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

CID ප්‍රශ්න කිරීම් අතර නාමල්ගේ ලොකු අයියා අසාධ්‍ය තත්වයට පත් වෙලා

“තදින් ක්‍රියාත්මක කරන්න” – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ අත්අඩංගුවට