කෙහෙල් ගහට කෙටූ දයා ගමගේට වැඩේ වරදී..!

මෙතෙක් කාලයක් රාජ්‍ය බැංකු වලට බිලියන ගණනින් පොලු තබා පසුව ඒවා බොල් ණය ලෙස කපා ගැනීමට සමත් වූ එජාප හිටපු නායකයෙකු වන වර්තමානයේ පාරාජිකා වූ දේශපාලකයෙකු වන දයා ගමගේ ට දැන් වැඩේ වැරදී ගොස් තිබේ.

ඒ ඔහුට අයත් ප්‍රධාන ව්‍යාපාර තුනක් වන දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර ණය අයකර ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබීම හේතුවෙනි.

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් අත්සන් තබා ඇත්තේ ලබන ජූලි මස 2 දා උදෑසන 10 ට ඉහත කී සමාගම් වල ප්‍රසිද්ධ වෙන්දේසිය සිදුකරන බවය.  

මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කරන්නේ දයා ගමගේ ගෙන් මහජන ලීසිං සමාගමට අයවිය යුතු රුපියල් 104,229,342 ක මුදලක් අයකර ගැනීමේ අරමුණෙනි.

මහජන ලීසිං සමාගමට අය විය යුතු රු. 108,309,342 ක මුදලින් දයා ගමගේ ගෙවා ඇත්තේ රුපියල් 4,080,000 ක පමණ සොච්චම් මුදලක් වන අතර ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි